ආණ්ඩුව සියලු බෞද්ධයන්ගේ පාංශුකූල අයිතිය අහිමි කර ඇති බවත්, මිත්‍යාව මත පදනම්ව ජාතීන්, ආගම් අතර ඇති සහෝදරත්වය බිද දැමීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද (23) පෙරවරුවේ බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.
ඊට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විශාල පිරිසක්ද එක්ව සිටියහ.















