පැවැත්වීමට නියමිත විරෝධතා හේතුවෙන් ඊයේ (08) දිනයේ සහ අද (09) දිනයේ ඉන්ධන බෙදාහැරීම අත්හිටුවන ලෙසට තම සමාගමට රජය දැනුම්දුන් බව LIOC සමාගම පවසනවා.
එම සමාගමේ විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම විරෝධතාවලට ක්ෂණික බලපෑමක් ඇතිකිරීම සඳහා සිය මෙහෙයුම් නවත්වන ලෙසට තමන්ට උපදෙස් ලබාදුන් බවයි.
කෙසේ වෙතත් හැකි ඉක්මනින් නැවතත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවට LIOC සමාගම කියනවා.
In view of planned protest,we hve been advisd 2 discontinue our supply operations to sheds wth immdiate effect for tdy & tom.Howevr,we shll continue our supplies frm Trinco to CPC & to our valued industries uninterruptedly. Hope 2 resume supplies 2 sheds wef Sun10thJul’ early hrs
— Manoj Gupta (@ManojGu10100891) July 8, 2022










