රාජ්‍ය ආයතන සුරකින බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි රජය මේ වනවිට කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව සිය හිතවතුන්ට රාජ්‍ය ආයතනැමිණි රජය මේ වනවිට කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව සිය හිතවතුන්ට රාජ්‍ය ආයතන බෙදා දෙමින් සිටින බවත්, ඒ අයුරින් කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක අශොක් පතිරගේ හට ලබා දී ඇති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ යුතු බවද හෙතෙම අවධාරණය කර සිටියේය.










