ලංකා කම්කරු කොංග්‍රසය රජයට ලබා දුන් සහය ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට නියමිතව තිබේ.
එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට තවදුරටත් තම බලය රැක ගැනීම අභියෝගයක් වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සෙසු පක්ෂ 11 ද තම සහයෝගය ආණ්ඩුවෙන් මේ වන විටත් ඉවත්කරගෙන ඇත.










