• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ඡන්ද කල් දමන කුමන්ත්‍රණයේ ඉත්තෙක්-හවුල්කාරයෙක්-අතකොළුවක් වෙන්න එපා! මුලු විපක්ෂයම හිටපු මැකො මහින්ද ‌දේශප්‍රියගෙන් එකට ඉල්ලයි!

November 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ ඡන්ද කල් දමන කුමන්ත්‍රණයේ ඉත්තෙක්-හවුල්කාරයෙක්-අතකොළුවක් වෙන්න එපා! මුලු විපක්ෂයම හිටපු මැකො මහින්ද ‌දේශප්‍රියගෙන් එකට ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක් වන බැවින් එවැනි කුමන්ත්‍රණයක හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල ඒ මහතාගෙන් ඉල්ලා සිටීමට පියවර ගෙන ඇත.

2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා රජය විවිධ උපක්‍රම යොදමින් සිටින බවට සමගි ජන බලවේගය (SJB) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළ අතර දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණ කමිටුවද එවැනි එක් උපක්‍රමයක් බවද පැවසීය. ඔහු දේශප්‍රියගෙන් ඉල්ලා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයේ “මහ මොළකාරයා”ලෙසට පත් නොවන ලෙසයි.

එමෙන්ම ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ දේශප්‍රිය මීට පෙර සහතික වූ පරිදි පළාත් පාලන මැතිවරණය කල් නොයනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

“ඔවුන් දිගින් දිගටම සීමා නිර්ණය කිරීමේ කටයුතුවල නියැලෙන විට මැතිවරණ දිනය අවලංගු වී මැතිවරණ පැවැත්වීමට බැරි වෙනවා. ඔවුන් කරන්නේ එයයි. නමුත් දේශප්‍රිය කියා සිටියේ සීමා නිර්ණය සම්බන්ධයෙන් කටයුතු කළත් මැතිවරණ කල් නොදමන බවයි. අපි හිතනවා ඔහු හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිසා මාර්තු මාසයේදී මැතිවරණය පවත්වනවා කියලා. සීමා නිර්ණය කළාට කමක් නැහැ, නමුත් මැතිවරණය කල් දැමීමට සූදානම් වෙන්න එපා, එසේ වුවහොත් අපට නැවත පාරට බැසීමට සිද්ධ වෙනවා. දැනටමත් අවුරුද්දකින් කල් දමා මාර්තු මාසයේ පැවැත්වීමට බලාපොරොත්තු වන මැතිවරණ කල් දැමීමට ඔවුන් උත්සාහ කරනවා. ඔවුන්ට එය කල් දැමීමට අවශ්‍ය ඇයි? ඒ ඡන්දෙ තිබ්බොත් පරදින බව දන්න නිසා. ඔවුන් කල් දැමීමට උත්සාහ කරන්නේ කෙසේද? ඒ තමන්ට නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බවත්, සභික සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාවත්, නව මැතිවරණ ක්‍රමයක් අනුව පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා කිරීමත් අවශ්‍ය බවත් ප්‍රකාශ කිරීමෙන්. ඔවුන් ඒ සඳහා දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙනවා.’ යැයි ටිල්වින් සිල්වා මහතා කීය.

මේ අතර, සීමා නිර්ණය සඳහා රජය දැඩි ලෙස අවධාරණය කරන්නේ මන්දැයි ප්‍රශ්න කළ නිදහස් ජනතා කොංග්‍රසයේ මන්ත්‍රී සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දේශප්‍රියගෙන් ඉල්ලා සිටියේ තම ගෞරවය රැකගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර මැතිවරණ කල් දැමීමේ වැඩපිළිවෙළේ “ඉත්තෙකු” නොවන ලෙසත්ය.

“දේශප්‍රිය මේ රටේ ගෞරව නාමයක් පවත්වාගෙන ගියා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමටත් මැතිවරණ ප්‍රමාද කිරීමටත් ඔහුව අතකොළුවක් කර ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. ඔහු දීර්ඝ කාලයක සිට මේ විෂයට සම්බන්ධ වූ නිසා සීමා නිර්ණය සම්බන්ධයෙන් ඔහුට දැනුමක් ඇති. අපි ඔහුට පුද්ගලික ආයාචනයක් කරනවා වෙනත් කෙනෙකුගේ අතකොළුවක් නොවන්න, මැතිවරණ කල් දැමීමේ මෙම යෝජනා ක්‍රමයට ඔබේ ආශිර්වාදය හෝ සහාය ලබා නොදෙන්න.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද දේශප්‍රියගෙන් ඉල්ලා සිටියේ මැතිවරණ කල් දැමීමේ “කුමන්ත්‍රණයට” සම්බන්ධ නොවන ලෙසයි.

“දේශප්‍රිය ගැන මහජනතාවට යම් විශ්වාසයක් තියෙනවා. මැතිවරණ කල්දැමීමට ඔහු දැඩි ලෙස විරුද්ධයි. ඉතින් අපි එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න එපා කියලා, මොකද මේක පැහැදිලිවම පළාත් පාලන මැතිවරණය කල් දාන්න මේ ආණ්ඩුව කරන කුමන්ත්‍රණයක්. සභික සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අවසානයේ පත් කළ 25% ඉවත් කිරීමයි.

SendShareShare
Previous Post

දකුණෙන් ඇල්ලූ‌ කෝටි 600ක කුඩු තොගයේ අයිතිකරු හෙළිවෙයි! දික්වැල්ලේ රන් මල්ලි!

Next Post

සජිත්ගෙන් මැදවච්චියේදී තවත් හෙළිදරව්වක්! ජනතාව අපා දුක් විඳිද්දී ආණ්ඩුව සල්ලිවලට මන්ත්‍රීවරු බිලිබාන සූදුව ආයෙත් පටන් අරන්! (VIDEO & PHOTOS)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.