කැපී පෙනෙන වෙනසක් සිදු නොවී මේ ආකාරයට තවත් ඉදිරියට ගමන් කිරීමට නොහැකි බැවින් ආණ්ඩුවෙන් වෙන් වීම හැර වෙන විකල්පයක් නැති බව ශ්‍රීල.නි.ප.යේ හිටපු සභාපතිවරයෙකු, මහ ලේකම්වරයෙකු මෙන්ම වත්මන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි.
බඩු මිල, විරැකියාව, සියලු උපාධිධාරීන්ට රැකියා, වසංගතය මත සිදු වූ රැකියා අහිමි වීම් ආදී බොහෝ ආර්ථික ප්‍රශ්න පිළිබඳ මහජන විරෝධය මේ වන විට ආණ්ඩුවට එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී ඇති බව ඒ මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප.ය මෙන්ම ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානගත පක්ෂද එම විරෝධතා වල පාර්ශ්වකරුවන් වී ඇති බවත් ඒ මහතා අවධාරණය කර තිබේ.










