• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ රටේ කුරුඳුවලින් හදන අපේ රටේ දුම්වැටිය පත්තුවෙයිද-නිවෙයිද?

March 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අපේ රටේ කුරුඳුවලින් හදන අපේ රටේ දුම්වැටිය පත්තුවෙයිද-නිවෙයිද?
Share on WhatsAppShare on Facebook

කුරුඳු කියන්නේ ඈත අතීතයේ පටන් අපේ රටේ නම ලෝකයේ ප්‍රචලිත වෙන්න හේතු වූ එක් සාධකයක්. කුරුඳු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඈත අතීතයේ පටන්ම සිදු කෙරුණු දෙයක්. එවැනි අමුද්‍රව්‍යක් අනුසාරයෙන් 100%ක් දේශීයව නිෂ්පාදනය කරන මෙම දුම්වැටි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනු ඇති බවට විශේෂඥයෝ මත පළ කරනවා. ඒ හරහා සෘජු රැකියා ලක්ෂයක් පමණ ඇති වීමටත් නියමිතයි. ඊට අමතරව දේශීය කුරුඳු මිල ඉහළ යාම හරහා තවත් ආදායම් මාර්ග ගණනාවක් ඒ යටතේ උත්පාදනය වෙන්න නියමිතයි. ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ආදායමක් ඒ හරහා ඉපයීමට බලාපොරොත්තු වෙනවා.

දුම්කොළ, දුම්වැටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලින් රටට, සමාජයට සිද්ධ වෙන හානිය ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. දීර්ඝ කාලීනව එවැනි නිෂ්පාදන භාවිතා කිරීම නිසා විවිධ ලෙඩ රෝගවලට ලක්වූවන් ගැනත් අපි තොරතුරු කතා කරනවා. දුම්පානය තහනම් කළ යුතුයි කියලා සමාජ කතාබහකුත් ඒ හින්දම නිර්මාණය වෙලා තියෙනවා.
දුම්කොළ සහ දුම්වැටිවල අඩංගු නිකොටින් හරහා තමයි මේ ශරීරයට අහිතකර තත්ත්වය ඇති වෙන්නේ. ඒ හේතුවෙන් දුම්පානයට ඇබ්බැහි වූවන් සඳහාම නිකොටින් රහිත දුම්වැටි නිෂ්පාදනය කිරීම ලෝකය පුරාම සිද්ධ වෙනවා.
මේ වැඩේට හවුල් වෙමින් දේශීයව සපයා ගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් දේශීයව නිෂ්පාදනය කිරීමට සූදානම් වන අපූරු දුම්වැටියක් පිළිබඳ අපට තොරතුරු දැන ගන්න ලැබුණා. තොරතුරු වාර්තා වෙන විදියට අපේ දේශීය කුරුඳු යොදා ගෙන තමයි මේ දුම්වැටි සකස් කරන්නේ. මේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම දේශීය ආයතනයක් හරහා තමයි සිද්ධ වෙන්නේ.

2017 වසරේදී ආරම්භ කෙරුව මේ නිෂ්පාදන වැඩපිළිවෙළ මේ වෙද්දි අවසන් අදියරට ළං වෙලා තියෙනවා. නියමු ව්‍යාපෘතියක් විදියට මේ දිනවල එම කුරුඳු දුම්වැටි කටුනායක අවට බෙදා හැරීමත් සිදු වෙනවා.

ආයුර්වේද ධූමපාන ලෙස හඳුන්වන එම කුරුඳු සිගරැට් වර්ග තුනක් යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතයි. ඨධඛෘ ීඔෂක්‍ණල ඍෑෘ ඛෑ්ත්‍ සහ ක්‍ෑශඛධභ ඊෑ්ක්‍්‍ය ලෙස නම් කර ඇති එම නිෂ්පාදන රුපියල් 60, 30 සහ 50 යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන බවත් දැන ගන්න තියෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිව පර්යේෂණ මට්ටමේ පැවැති මෙම ව්‍යාපෘතිය අවසන් අදියරට පැමිණීමත් එක්ක ශ්‍රී ලංකාවේ සිගරැට් ආනයනකරුවන් දැඩි කලබලයට පත් වී ඇති බවකුත් මේ අතරේ දැන ගන්න ලැබෙනවා. දුම්වැටි ආනයනය හරහා බහුජාතික සමාගම් ශ්‍රී ලංකාව වැනි රටවලින් අධික ලාභයක් උපයන බව කවුරුත් දන්න දෙයක්. එවැනි සමාගම් මේ දේශීය නිෂ්පාදනය සම්බන්ධයෙන් කලබල වෙන එක පුදුමයට කරුණක් නෙවෙයි.
මේ අතරේ අවසන් අදියරට පැමිණ ඇති දේශීය කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නවත්වන ලෙස අදාළ සමාගමට දැනුම් දීමට පසුගිය දිනක දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණා. එම තහනම ලිඛිතව අදාළ ආයතනය වෙත යැවීමටත් ඒ මහතා කටයුතු කර තිබුණා.
මේ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක යූ ටියුම් නාළිකාවකට අදහස් පළ කරලා තිබුණා.

“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාරවලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙනවා. අපේ පනතේ 2006 ඉඳලම තිබෙනවා, දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන තමයි අපි කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ” දුම්කොළ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා අදහස් පළ කරලා තිබුණේ එහෙමයි.

තමන්ට පනතෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව දුම්කොළ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ගත් ක්‍රියා මාර්ගය ගැන කාටවත් විවාදයක් නැහැ. නමුත් ඒ හරහා බහුජාතික සමාගම්වල ක්‍රියාකාරිත්වයට යම් අනුබලයක් හිමි වෙනවා නම් ඒක අනුමත කරන්න බැහැ. මොකද මේ තත්පරයෙත් ඒ සමාගම් අපේ රටේ දුම්වැටි අලෙවි කරලා විශාල ලාභයක් රටෙන් පිටට ගෙනියමින් ඉන්නවා.

ඒ වගේම දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය. ඒ හින්දා මේ වෙනුවෙන් මැදිහත් වෙන එකත් රජයේ යුතුකමක්. අපි කියන්නේ දුම්බොන එක ප්‍රවර්ධනය කරන්න කියන එක නෙවෙයි. ඒත් දේශීය නිෂ්පාදනයක් හරහා සෞඛ්‍ය හානි අවම කර ගනිමින් රටේ මුදල් රටේම ඉතිරි කර ගන්න පුළුවන්කමක් ලැබෙන එක ඇත්තටම අගය කළ යුතු වැඩක්. ඒ වගේම මේ නිෂ්පාදන ලෝකයේ ප්‍රචලිත වුණොත් ඒ හරහා අපේ රටට මොනතරම් ප්‍රතිලාභ ලැබේවිද?

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනිපය තීන්දු කරයි

Next Post

බලයට ඇවිත් තියෙන්නේ සෝමාලියානු කොල්ල කල්ලියක් (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.