පසුගිය කාලයේ ආගම්වාදය, ජාතිවාදය නිසා අපේ රටේ ජනතාව විශාල ලෙස පීඩාවට ලක් වූ බවත් කොවිඩ් සමයේ භූමදානයද? ආදාහනය ද? යට ගැටලුවේ සිට ඇති වූ සෑම ප්‍රශ්නයක දීම ලොකු ලොකු පක්ෂවල අය කටවහන් හිටියත් සමගි ජන බලවේගය ඒ සෑම අවස්ථාවක දීම සෑම ජාතියක් ආගමක් හා මනුෂ්‍යත්වය වෙනුවෙන් ම එක හා සමානව පෙනී සිටි බවත් එහෙත් සමහර මන්ත්‍රීවරු පවා පොහොට්ටුව සමඟ එකට එකතු වී ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීමට කටයුතු කළ බවත් සමගි ජන බලවේගයේ එවැනි නිවට මන්ත්‍රීවරුන් නොසිටීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අක්කරේපත්තුවේදී පැවසීය.
සුපිරිසිදු සිංහල බෞද්ධයේ කවදාවත් ජාතිවාදය, ආගම්වාදය මුල් කර ගෙන කටයුතු නොකරන බවත් බුදුන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා සහ සුවපත් වෙත්වා යනුවෙන් බවත් ඒ ධර්මය අනුගමනය කරන සමගි ජන බලවේගය අපි සියලු ජාතීන් ආගම් වෙනුවෙන් එක හා සමානව පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

















