ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට අගමැතිවරයා වෙත ලිපියක් යොමු කළ එහි සභාපති රේණුක පෙරේරා මහතා නැවත වතාවක් එම තනතුරේ රාජකාරි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමෙන් පසු ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිප දෙනකුම රේණුක පෙරේරා මහතා සමග සාකච්ජා කොට ඇති බවත්, ඉන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමට ඒ මහතා පියවර ගෙන ඇති බවත් දැනගන්නට ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා තමන් වෙත අනිසි බලපෑම් එල්ල කරන බව කියමින් රේණුක පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබිණ.










