• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 23කට පසු රජීව් ගාන්ධිගේ ඝාතකයන් එළියට එයි!

November 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 23කට පසු රජීව් ගාන්ධිගේ ඝාතකයන් එළියට එයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් සහ ආර්.පී. රවිචන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ. 11) නියෝග කර තිබේ.

ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කිරීමට අදාළ නියෝග නිකුත් කරමින් සඳහන් කරනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර නලිනි ශ්‍රීහරන් නියමිත කාලයට පෙර නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම අධිකරණය විසින් කල් තබනු ලැබ තිබිණි.

තමිල්නාඩු රජය මීට පෙර රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් වන ශ්‍රීහරන් සහ ආර්.පී. රවිචන්ද්‍රන් නිදහස් කිරීමට කැමැත්ත පළ කර ඇත්තේ, ඔවුන් නිදහස් කිරීම සඳහා වන උපදෙස් ලබා දීම ආණ්ඩුකාරවරයාට බැඳී ඇති බව පවසමිනි.

වෙන වෙන ම දිවුරුම් ප්‍රකාශ දෙකකින්, ප්‍රාන්ත රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත්තේ, 2018 සැප්තැම්බර් 9 වන දින පැවති කැබිනට් රැස්වීමේදී, මෙම නඩුවේ වැරදිකරුවන් හත් දෙනෙකුගේ සමාව ඉල්ලීම් සලකා බැලූ බව ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් ඉවත් කිරීම සඳහා ආණ්ඩුකාරවරයාට නිර්දේශ කිරීමට තීරණය කළ බව ත් ය.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, සාන්තන්, මුරුගන්, ඒ.ජී. පෙරරිවාලන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔවුන් වසර 23කට අධික කාලයක් සිරගතව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ ශ්‍රීහරන් සහ රවිචන්ද්‍රන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිසි බලධාරියා තමන් බව ත් 2018 වසරේ සැප්තැම්බර් 9 දිනැති ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ තීරණය අවසන් වන අතර එය කැබිනට් මණ්ඩලයේ ආධාර සහ උපදෙස් අනුව තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට ක්‍රියාත්මක කළ හැකි බව ත් තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබේ.

රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වන දා රාත්‍රියේ තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදුර්හිදී මැතිවරණ රැලියකදී ධනු නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරන ලදී.

පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් 1999 වසරේ මැයි මස නියෝගයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය පෙරාරිවාලන්, මුරුගන්, සාන්තන් සහ ශ්‍රීහරන් යන වැරදිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම ලබා දීමට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත්, 2014 වසරේදී සාන්තන්ගේ සහ මුරුගන්ගේ පෙත්සම් තීරණය කිරීම ප්‍රමාද කිරීමේ පදනම මත පෙරාරිවාලන්ගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කර තිබුණු අතර ශ්‍රීහරන්ගේ මරණීය දණ්ඩනය 2001 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කර තිබුණේ ඇයට දියණියක සිටින බව සලකා ය.

SendShareShare
Previous Post

රනිල් IMF එක ගැන විපක්ෂයේ ඉන්නකොට කියපු දේයි ජනාධිපති වුණාට පස්සේ කියන දේයි මරික්කාර් පාර්ලිමේන්තුවේදී හොදටම පෙන්නලා දෙයි! (VIDEO)

Next Post

අලුත් අටමස්ථානාධිපති හිමි වැඩ බාරගනී! (PHOTOS)

MORE NEWS

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?
Exclusive

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Exclusive

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු ගැටුමින් තුවාල ලබා ICU සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් 2ක් මරුට! දැන් මරණ 31යි! I Sri Lanka Latest News

Load More
කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධීවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ වැඩ මේ වනවිට 51%ක් අවසන් කොට ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් පිටුවේ...

Read more
ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.