ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2,000ක් තෑගි කිරීමට චීන රජය තීරණය කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.
චීන – ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම සහල් තොගය ලබදෙන බව ද චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් කීය.