අධික ණය බර හේතුවෙන් තැවුලට පත් මවක් සිය දරුවන් දෙදෙනටෙ වස පොවා තමන්ද වස බී ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වේ.
එසේ වස පොවනු ලැබූ අවුරුදු පහේ පිරිමි දරුවා ඊයේ (01) දින කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම අවුරුදු 8ක් වූ ගැහැනු දරුවාද රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාරයේ පසුවන බවත්, වතුපිටිවල රෝහලේ දැඩි සත්කාරයේ පසුවන මවගේ තත්ත්වය ඉතාම බරපතළ බවත් පොලිසිය පවසයි.










