තමන් නීතිපතිවරයාට බලපෑම් කොට ඇති බව ඔප්පු කළහොත් එදිනට තමන් කලිසම ගලවා ගෙදර යන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන බවට කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේදී පැවසීය.










