එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග මහතා එම තනතුරින් ඉවත් වීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමට ඒ මහතා කටයුතු කොට ඇත.
එජාප නියෝජ්‍ය නායක ධූරයට රුවන් විජයවර්ධන මහතා පත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික්කය තුළ මතුව ඇති තත්ත්වය මුල්කරගෙන මෙම ඉල්ලා අස්වීම සිදු කොට ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.