රට දැවැන්ත අර්බූදයකට ඇද වැටී තිබෙන අවස්ථාවේ අමැතිවරුන් ඉවත් කරමින් දේශපාලන නාඩගම් පෙන්වා තේරුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
හදිසි කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කීය.
‘අද රට දැවැන්ත අර්බූදයකට ඇදවැටිලා.ජනතාව වරු ගණන් පෝලිම්වල. ඉන්ධන නෑ. ගෑස් නෑ. විදුලිය නෑ. තව ටික දවසකින් කන්නත් නෑ. මුදල් ඇමැතිවරයා තමන්ගේ හෙංදයියො දාලා මේවා තමන්ගේ වැඩ නෙමෙයි කියලා පෙන්වන්න හදනවා. මුදල් ඇමැති ෆේල්. දැන් ඒක වහගන්න වෙන ගේම් එකක් ගහනවා. මේවා ඔක්කොම මොළ හතක් කියලා හත්පොළේ ගාගත්ත වැඩ වහගන්න කරන දේවල්. ඇමැතිලා මාරු කරනවා නම් ඉස්සෙල්ලම කළ යුත්තේ රටම අර්බූධයට ඇදලා දාපු මුදල් ඇමැතිවරයා ඉවත් කරන එක’ යැයි ඒ මහතා කීය.










