කැනේඩියානු මහ කොමසාරිස් Dewid Makinan, ස්විට්සර්ලන්ත තානාපති Dominik Furgler,නෝර්වේ තානාපති Trine Jornli Eskedal, අමෙරිකා එක්සත් ජනපදය තානාපති Eleina B. Teplits, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති Amanda Jewell යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස අද (27) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරාල, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද, සමගි ජනබලවේගයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ජේෂ්ඨයින් වන ආචාර්ය රොහාන් පල්ලේවත්ත, ආචාර්ය ගිහාන් ගුණතිලක,හරීම් පීරිස් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














