රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලට දැඩි හානි සිදුව තිබේ.
මෙම කම්පාව හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා රෝහලගත කළ ගණන 11 කි.
මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ හම්බෝල්ට් ප්‍රාන්තයෙනි.
නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ 70,000 ක් දෙනා විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවය.
ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසු කම්පන 80 ක් පමණ හටගත් බව ද පැවැසෙයි. ප්‍රධාන භූමිකම්පාව හටගත්තේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරිනි.
අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)