• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්පයර්ලාගේ ලොක්කා දොලවත්ත!

February 24, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අම්පයර්ලාගේ ලොක්කා දොලවත්ත!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ අභිනව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතා නිතරගයෙන් තේරී පත් විය.

ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපති දමින්ද කුරේ මහතා විසින් නව සභාපතිවරයා වෙත සංකේතාත්මකව තනතුරේ වැඩ කටයුතු බාර දීම පසුගියදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පිහිටා ඇති ක්‍රිකට් විනිසුරුවන්ගේ මූලස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතා සඳහන් කළේ වසර 76ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරය හිමි වීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තමන් අතිශයින් සතුටට පත් වන බවය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමේ අභියෝගය තමන් බාරගන්නා බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.

එහිදී දොලවත්ත මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.

“වසරකට ලංකාවේ පාසල් ක්‍රිකට් තරග 10,000කට වැඩිය අපි විනිශ්චය කරනවා. ඒ වගේම ක්‍රීඩා සමාජ තරග විශාල ප්‍රමාණයක් වාර්ෂිකව අපේ සංගමයේ විසුරුවරයන් විනිශ්චය කරනවා. ඒ හරහා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කෙරෙන සේවය අති මහත්. එවැනි සංගමයක සභාපති ධුරය බාර ගැනීම අභියෝගයක්. ඒ අභියෝගය සාර්ථකව ජය ගන්න පුළුවන් කියන විශ්වාසය මා සතුව තියෙනවා.

ඒ වගේම අපේ සංගමයේ පූර්ණ කාලීනව වෘත්තියේ නිරත වන විනිසුරුවන් 500කට අධික ප්‍රමාණයක් ඉන්නවා. පසුගිය කාලේ කොවිඩ් 19  තත්ත්වයත් එක්ක ඒ අය නොයෙක් අසීරුතාවයන්ට පත් වුණා. ඒ හින්දා ඒ වගේ තත්ත්වයන් ගැනත් අවධානය යොමු කරලා මේ සංගමය ඉදිරියට පවත්වා ගෙන මම බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි විනිසුරුවන්ගේ ගුණාත්මකබව දියුණු කිරීම හරහා සමස්ත ශ්‍රී ලංකාවේම ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළට ගෙන එන්න අපට හැකියාව ලැබේවි කියන විශ්වාසය මට තියෙනවා.

ඒ සඳහා අපිට ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ වගේම ක්‍රීඩා ඇමැතිවරයාගේත් පූර්ණ ආශිර්වාදය හිමි වෙලා තියෙනවා. ඒ හින්දා මේ ගමන යන්න අත්වැල්බැඳ ගන්න කියලා මම සියලු දෙනාටම ආරාධනා කරනවා.”
ඒ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතාගේ අදහස්ය.

1944 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වසර 76ක කාල සීමාවක් මුළුල්ලේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම කෙරෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. මේ අතර විනිසුරුවන්ගේ සංගමය සඳහා ස්ථිර ස්ථානයක් ලබා ගැනීම සඳහාද තමන් කටයුතු කරන බව අභිනව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ තරග ලේකම් සමන් හේවාවිතාරණ, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම, සහකාර ලේකම් පාලිත කුලතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිිකට් විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් රැසක් එම අවස්ථාවට එක් විය.

SendShareShare
Previous Post

බදුල්ල රෝහලේ වැඩ වර්ජනයක්: වැඩ ටික කරන්න හමුදාවෙන් 50ක්

Next Post

‘මහින්දානන්දට පිස්සු’: ලංකාවේ අංක එකේ මෝල් හිමියාගෙන් අභියෝගයක්

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.