කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය ඉන්දියාවට ලබාදීමට විරෝධය පාමින් ජනපතිවරයා හමුවීමට නාරහේන්පිට අභයාරාමයට රැස්වූ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් තීරණය කර ඇත.
මේ සඳහා ඉක්මනින් ජනපතිවරයා හමුවීමට වේලාවක් වෙන්කර ගැනීමට මැදිහත් වන ලෙස මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර හට එහිදී දැනුම් දී ඇත.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක යන හිමිවරු ඇතුළුව මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා, ලිලිතසිරි ගුණරුවන්, වෛද්‍ය අනුලා විජේසුන්දර ඇතුළු විද්වත්හු පිරිසක් එක්ව සිටියහ.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.










