• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ක්‍රමය රට වැටුණු තැනින් ගොඩගන්න එක මිස තවත් වට්ටන එක නෙමෙයි! පුත්තලම වේදිකාවටත් මහින්ද ගොඩවෙයි! (VIDEO)

October 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අපේ ක්‍රමය රට වැටුණු තැනින් ගොඩගන්න එක මිස තවත් වට්ටන එක නෙමෙයි! පුත්තලම වේදිකාවටත් මහින්ද ගොඩවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අප මාතෘභූමිය හමුවේ විවිධ අභියෝග තිබෙන නමුත් ජනතාව කුලප්පු කොට ප්‍රශ්න විචාරය කළ පමණින් කිසිඳා ප්‍රශ්න විසඳිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රට හමුවේ පවතින ප්‍රශ්න සැබෑ ලෙසම විසදීමේ අවශ්‍යතාවය පෙන්වාදෙන ඒ මහතා ජනතාව කුලප්පු කර ප්‍රශ්න විචාරය කළ පමණින් ඒවා කවදාවත් විසඳෙන්නේ නැති බවද උත්තර ලැබෙන්නෙත් නැති බවද පෙන්වාදෙයි.

ඇතැමුන් උත්තර කියා නැවතවරක් ප්‍රශ්නෙම කියන බවද සදහන් කරන රාජපක්ෂ මහතා තවත් සමහරු ප්‍රශ්න වෙනත් විදියකින් කියන බවද කියාසිටී.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ හලාවත, ආරච්චිකට්ටුව නගරයේ දී ඊයේ (27) පෙරවරුවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. “මැර බලයට එරෙහි ජන බලය” යන්න තේමාව කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ආණමඩුව ආසන සම්මේලනය මෙහිදී පැවැති අතර ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා විසින් මෙය සංවිධානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

අපි කළුතරින් පටන් ගත්ත ගමන එදා නාවලපිටියට ගිහින් අද ආරච්චිකට්ටුවට පැමිණ තිබෙනවා. මේ හැමතැනදිම ජනතාවගෙන් අපට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම අපේ අනාගත වැඩපිළිවෙල වෙනුවෙන් ඔබ දක්වන කැපවීම අගය කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඔබ දන්නවා ඇතමෙක් නොයෙක් අවලාද නැගුවත් අපි කිසිවිටකත් මේ රට වෙනුවෙන් හිතාමතා වැරදි තීන්දු අරගෙන නැහැ. ගන්නෙත් නැහැ. ඒ නිසා කාටවත් ඔබව වැරදිකරුවන් ලෙස හඳුන්වන්න බැහැ. සමහරු අපට අපහාස කරනවා. ඔවුන් ඒ අවලාද නඟන්නේ හරියට ඒවායේ දිග පළලවත් දන්නෙ නැතිවයි. කොවිඩ්වලින් පසුව සිදුවුණු ආර්ථික විපර්යාස ගැන ඔබට වැටහීමක් ඇති. ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙනවිත් ජනතාවගේ ජීවිත බේරන්නයි අපි ප්‍රමුඛත්වය දුන්නෙ. හැබැයි ඊළඟට ආපු ආර්ථික අභියෝගය අදටත් අපි හැමෝටම විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

මේ ජනතා පීඩනය තමයි ඇතමෙක් වැරදි විදියට ප්‍රයෝජනයට ගත්තෙ. සමහරු අදටත් මිනිස්සු උසිගන්වනවා. හැබැයි රට වෙනුවෙන් වගකීම ගන්න කිවුවම බෑ කියනවා. ඒ නිසා අර කතාවත් තියන්නෙ පිස්සො කළබල උනාට දොස්තරලා කලබල වෙන්නෙ නෑ කියලා. අපේ ක්රමය රට වැටුණු තැනින් ගොඩගන්න එක මිසක් ආයේ මේ රට ආපස්සට ඇදලා දාන ක්රමය නෙමෙයි. ගිනි තියන්න ලේසියි හදන්න අමාරුයි. අපි හිටගන්න ඕනි හදන පැත්තෙ මිසක් රට ගිනි තියන පැත්තෙ නෙමෙයි. මේ වයඹ පළාතේ ජනතාව භීෂණය ගැන හොඳට දන්නවා. ඒවා ගැන අපි අමුතුවෙන් මතක් කළයුතු නැහැ. මට මතකයි ඉස්සර අපි මේ පළාත්වල නැවතිලා ඡන්ද කළේ. සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා අපි හඳුනන්නෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් කාලේ ඉඳන්. ඒ නිසා ඔබට මතක ඇති මේ ප්‍රදේශ තිබුණ තත්ත්වයෙන් ගොඩගන්න අපේ ආණ්ඩු කාලේ මොනවගේ මැදිහත්වීමක් ද කළේ කියලා.

මට මතකයි ඇතැම් මංමාවත් පිළිසකර කරද්දි සමහර තැන්වල ඔරුවෙන් තමයි ගමන තිබුණේ. අපි පුළුවන් විදියට ඒ හැමතැනටම පාළම් දැම්මා. දූපත් යා කළා. යටිතල පහසුකම් සංවර්ධනය කළා. හැබැයි නොකෙරුණු වැඩකොටසකුත් තියෙනවා. ඒවා ඉටුකරමින් ඉද්දි තමයි අපිට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ පළාතේ වැඩිපුර ඉන්න ධීවර ජනතාව. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නිරත විශාල පිරිසක් ඉන්නවා. ඉන්ධන නිසා ධීවර ජනතාවත් පොහොර නිසා කෘෂිකර්මානතයේ නිරත ජනතාවත් පහුගිය කාලේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මේ පළාතේ විතරක් නෙමෙයි රටේ හැම තැනම එහෙමයි. ඉස්සන් වගාවත් අද දුෂ්කර තැනකට ඇද වැටිලා. ඒ අයට උදව් ඕනි. අපි ඒ අයට උදව් කරොත් විශාල පිරිසකට ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන්. අනෙකුත් කර්මාන්තත් එහෙමයි. වැඩපිළිවෙලක් ඇතිව ක්‍රමානුකූල ගමනක් ගියොත් මේ ව්‍යාපාර දියුණු කරන එක අපහසු නැහැ.

සියයට සියයකින් නැතත් ඔබට තිබෙන ප්‍රශ්න අපි එකින් එක අද විසදමින් යනවා. අපි පිළිගන්නවා මේ ප්‍රශ්න අපි විසඳන්න උවමනායි. හැබැයි ජනතාව කුලප්පු කරන ප්‍රශ්න විචාරය කර පමණින් මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නෙත් නෑ. උත්තර ලැබෙන්නෙත් නෑ. සමහරු මම දක්කා උත්තර කියලා ආයෙමත් ප්‍රශ්නෙම කියනවා. තවත් සමහරු ප්‍රශ්න වෙන විදියකින් කියනවා. හැබැයි හැම ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙන්නෙ ප්‍රශ්නවලට බය නැතිව රටේ අභියෝගය භාරගන්න කණ්ඩායමට විතරයි. අදත් ඊට සුදුසුම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරක් බව අපි ඔබට මතක් කරනවා. ඒකයි අපි කියන්නෙ මැතිවරණයකට වුණත් අපි ලෑස්තියි කියලා. සමහර දේවල් අපට වළක්වන්න බැරිව වැරදියට සිදුවුණ දේවල් තියෙනවා. ඒවා වැරදියි. සමහර දේවල් ප්‍රජාතන්ත්‍රවාදීව කරන ගරු කිරීම නිසා අපට වළක්වන්න බැරිව වැරදුණු දේවල් තියෙනවා. හැබැයි ඒ එකක්වත් අපේ පරාජයන් නොවන බව හොඳින් මතක තබාගන්න.

මේ සභාවේ සිංහල දෙමළ මුස්ලිම් හැම සහෝදරයෙක්ම ඉන්නවා. ඔබ මේ ප්‍රදේශයේ සමගියෙන් ජීවත්වෙනවා. අපි පක්ෂ පාට, ජාති ආගම්, කුල මල, භේද එක්ක ඉදිරියට ගියොත් මේ ප්‍රශ්න එකකටවත් පිළිතුරු හොයන්න බැරි වෙනවා. ඒකයි අපි ඔබට අද යෝජනා කරන්නෙ එක්ව නැගිටිමු කියලා. එක්ව නැගිටිනවා විතරක් නෙමෙයි, අපි නැගිටින්නෙ මේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගයෙන් මේ රට එතෙර කරන වැඩපිළිවෙල එක්ක බව අපි ඔබට විශ්වාසයෙන් මතක් කරනවා. ඒ නිසා ඒ ගමන එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට යමු. යැයි අපි ඔබට ආරාධනා කරනවා. අවසන් වශයෙන් මේ ජනහමුව සංවිධානය කළ අපේ හිතවත් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශයේ සියලුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන්ටත් ඔබ සැමටත් අපගේ ප්‍රණාමය පුද කරනවා.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අලුත් බදු කෙටුම්පතට එරෙහිව සමාගමක GM කෙනෙක් නඩු දමයි!

Next Post

මේ රට විනාශ කළේ රාජපක්ෂලා! වැටි වැටී එන්නේ ඒ රසේ දන්නා නිසා! උන්ට ආපහු ඡන්දේ දෙන උන් හරක් නෙමෙයි හරක්ටත් අන්තයි! ගෝඨාට සාපයක් වැදුණා! මිහින්තලේ නායක හාමුදුරුවන්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.