මහත් ආන්දෝලනයකට පසු පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධූරයක් ලබා ගත් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මුදල් ඇමැතිකමින් වහාම රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කළේය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් රටේ මතුව ඇති ඩොලර් ප්රශ්නය විසදීමට වික්‍රමසිංහ මහතා හට කිසිදු සැලසුමක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ලංකාවේ මතුව ඇති අර්බූදයේ සියලු කොටස් ඩොලර් අර්බූදය සමග ගැටගැසී ඇති බැවින් එම අර්බූදය විසදිය නොහැකි මුදල් ඇමැතිවරයකු රට තුළ සිටීම භයානක තත්ත්වයක් බවද ධම්මික පෙරේරා මහතා කීය.
එසේම රනිල් වික්‍රමසිංහ මහතා හට මුදල් අමාත්‍යවරයා වශයෙන් රටට ඩොලර් ගෙන ඒම සදහා කිසිදු සැලැස්මක් නොමැති බව තහවුරු ඇති බව ද හෙතෙම කීය.
එමෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව රටට ඩොලර් ලබා ගැනීම සදහා අනෙකුත් අංශ මගින් සිදුකරන සියලු සැලසුම් මුදල් අමාත්‍යවරයා විසින් හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද හෙතෙම වැඩිදුරටත් කීය.
තව ස්වල්ප මොහොතකින් මීට අදාළ වීඩියෝව නිකුත් වීමට නියමිතය.



අපි අද උදේම මෙම ප්‍රහාරය පිළිබදව තොරතුරු වාර්තා කළ ආකාරය
අද ප්‍රබල පෙරළියක් වීමට ඉඩ ඇත!
අද දිනයේ ප්‍රබල දේශපාලන පෙරළියක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් දේශපාලනයේ සිදු නොවන පෙරළියක් ලෙස මෙය අනුමාන කළ හැකිය.
එසේ වුවහොත් එය තවත් ප්‍රබල දේශපාලන පෙරළි රැසක ආරම්භය වනු ඇති බව පමණක් මේ අවස්ථාවේ සදහන් කළ හැකිය.










