• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිද ෆේල්.. ඒ අයද ෆේල්… ආණ්ඩුව විපක්ෂයට උත්තර දෙයි

December 2, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
අපිද ෆේල්.. ඒ අයද ෆේල්… ආණ්ඩුව විපක්ෂයට උත්තර දෙයි
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව අසමත් බවට විපක්ෂය අභූත චෝදනා නැගුවත් අසමත් වත්මන් ආණ්ඩුව නොව පැවති ආණ්ඩුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කළේය.

අද (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, අරුන්ධික ප්‍රනාන්දු සහ ඩී.බී. හේරත් යන මහත්වරු මෙම අදහස් පළ කළහ. 

රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා

මේ කාලවකවානුව තුළ සමාජ මාධ්‍ය තුළ සමත් අසමත් කියන කාරණය ගැන කතා කරනවා. අවුරුදු හතරහමාරක කාලයක් තිස්සේ යහපාලන රජය බලයට ඇවිත් 7.4% කට තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3% පහළට ගෙනාවා. එහෙම වුණේ ඒ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් වුණ නිසයි. ඇෆ්ගනිස්තානයට පමණක් දෙවැනි වෙන රටක් බවට අපි පත්වුණා. ඒ කාලේ වර්ගවාදය ඉස්මතුවෙලා නැවත වතාවක් බෙදුම්වාදය මතුවුනා. ජාතීන් අතර අසමගිය ඇතිවෙලා අමුතුම සංස්කෘතියක් බිහි වෙන්න ගත්තා. පාලකයන් උත්සහ කලේ හැමවිටම බටහිර ගැති සංස්කෘතියක් බිහිකරන්න. නැවෙන් ආහාර ගෙන තත්ත්වයක් විතරයි තිබුණේ. මේ තත්ත්වය තේරුම්ගත් ඡන්දදායකයෝ මීට වසරකට පෙර රට ස්වයංව නැගී සිටුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනාවා. මේ කාරණාවත් සමඟ පෙළගැසුණු ජනතාව අගෝස්තු මාසයේදී මාසයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බලය දුන්නා.

නව කැබිනට් මණ්ඩලයක් සමඟ තවම ගත වුණේ මාස තුනක කාලයක්. බැසිල් රාජපක්ෂ මහතා ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින් ගමෙන් ලබාගත් යෝජනා තමයි අයවැය ලේඛනය හදන්න පදනම වුණේ. අපේ රටට ස්වයංව නැගී සිටින්න පුළුවන් ස්වාධීන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් විදේශීය රටවලින් ආහාර ගෙන එන එක නවත්වලා, ඒ මුදල් ගමේ ගොවියාට දෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්නයි උත්සහ කරල තියෙන්නෙ. අද කොරෝන නිසා මුළු නිසා මුලු ලෝකයේම තියෙන්නෙ සෘණ ආර්ථික වර්ධන වේගයක්. අපේ රට ඊට මුහුණ දීලා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ගමේ ජනතාවට අවශ්‍ය දේවල් ගමේ නිපදවන වැඩපිළිවෙළක් බිහි කරලා තියෙනවා.

මේ අතරේ කොරෝනාවෙන් හරි බලයට එන්න උත්සාහ කරන සමගි ජන බලවේගය අභූත චෝදනා එල්ල කරලා රට අස්ථාවර කරන්න උත්සාහ කරනවා. මහජනතාවගේ උවමනාව හරි තැනකට රට ගෙනයාමයි. රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් මේ රට අනාගතය කරා රැගෙන යාම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. පහුගිය කාලයේ ලංකාවට කිරි ආනයනය කිරීම සඳහා බිලියන 55 ක් වියදම් කරලා තියෙනවා. පොහොර ගෙන ඒම සඳහා බිලියන 32 ක් වියදම් කරලා.ලංකාවේ 40%ක් වන කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ අභියෝගය අපි භාරගෙන තිබෙනවා. බිත්තර,මස් වැනි දේවලින් අපි ස්වයංපෝෂිතයි. කිරි බිත්තර වැනි දේ විදේශ රටවලට යවා විදේශ විනිමය උපයන තත්ත්වයක් බිහි කරන්න අපිි පියවර අරන් තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ඉදිරි පියවර සාර්ථක කර ගැනීම අපි මේ අයවැය මගින් බලාපොරොත්තු වෙනවා.

පොල්, කිතුල් හා තල්වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා.

පසුගිය දිනෙක ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සදහා පාරට බැහැපු පිරිස් උද්ඝෝෂණය කරන අවස්ථාවේ තුෂාර ඉදුණිල් විපක්ෂ  මන්ත්‍රීවරයා එතනට ගිහින් වුන දේ අපි දැක්කා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම අවසාන වශයෙන් සිදු වුණේ 2013 වසරේ අපේ රජයෙන්. මෙවැනි අමාරු කාලයක ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම කෙරෙහි ජනාධිපතිවරයා ගේ අවධානය යොමුවෙලා තියෙනවා. ගුරුවරුන්ගෙ වැටුප් විෂමතාවයන්වලට විසදුම් ලබාදෙමින්  ගුරුවරුන්ගේ අපහසුතා තේරුම් ගනිමින් ගුරුවරුන්ට ශක්තියක් ලබාදීමට අපි සූදානම්. තමන්ගේ කාලයේදී කළ යුතු දේවල් නොකළ අය දැන් ජනතාව හමුවට ගිහින් ජනතාව උසි ගන්වන්න උත්සාහ කරනවා. ජනතාවට අප කෙරෙහි විශ්වාසය තබන්න කියලා අපි දිගින් දිගටම කිව්වා.

1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය  මුදල් අමාත්‍ය ඇන්.ඇම් පෙරේරා මහතා සමඟ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත් ඒ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න ඇති වුණා. මෙවර ඒ ප්‍රතිපත්තිය අනුව යමින් තමයි රටේ ස්වයං නිෂ්පාදනය වැඩිකරලා, වැවිලි කර්මාන්තයට තැන දීලා, අපනයන කෘෂිකර්මාන්තය ශක්තිමත් කරලා, දේශීය  ධීවර කර්මාන්තය නගා සිටුවමින් ජනතාවාදී දේශීය ආර්ථිකයක් ගොඩනගන්න ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ වන විට ඇඟලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. කොරෝනා වසංගතය එන්න පෙරො ජනාධිපතිතුමා දේශීය ව්‍යාපාරිකයන් නගා සිටුවන බව සඳහන් කළේ. අයථා ලෙස කහ මෙරටට ගෙන්වා බල අධිකාරියක් පවත්වාගෙන ගිය අයට විරුද්ධව එක මතයක ජනාධිපතිතුමා හිටියා.  දැන් රටට අවශ්‍ය කහ ප්‍රමාණය දේශීයව වගා කරලා අවසන්. අපේ රටේ කිතුල් කර්මාන්තය විශාල වශයෙන් සිද්ධ වෙනවා අපි මීට පෙර දැකලා නැහැ. කිතුල් ගස් සංවර්ධනය කරලා කිතුල් නිෂ්පාදන සඳහා අවධානය යොමු කරලා තියෙනවා. යාපනයේ තල් පර්යේෂණ ආයතනය ශක්තිමත් කරලා තල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි කරලා දේශීය  වෙළඳපොල ඉදිරියට ගේන්න අපි සූදානම්.රජයට අයත් ඉඩම්වල පොල් වගාව දියුණු කරන්න සූදානම්. පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට ලෝකය පුරා ලොකු ඉල්ලීමක් තියෙනවා. පොල් කියන්නේ අගය එකතු කරන ප්‍රධානම භෝගයක්. රටට පැලැස්තර විසඳුම් වෙනුවට අවශ්‍ය නිසි විසදුම් ලබාදීම අපි ආරම්භ කරලා තියෙනවා.

 ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ග්‍රාමීය සංවර්ධනයේ මුලික පියවර ඇරඹුවේ බැසිල් රාජපක්ෂ මහතායි. රටේ ආර්ථිකය නඟා සිටුවන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි පුද්ගලයා විදියට අපි දකින්නේ බැසිල් රාජපක්ෂ මහතා.

ඒ වගේම මහර සිද්ධිය ගැනත් අදහස් දැක්විය යුතුයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමක් පත් කරලා තියෙනවා. මින් ඉදිරියට එවැනි දේවල් සිදු නොවන්න දීර්ඝකාලීනව මෙන්ම කෙටි කාලීන විසඳුම් එමගින් බලාපොරොත්තු වෙනවා. ඒ අවාසනාවන්ත සිද්ධිය මේ වෙනකොට පාලනය කරගෙන තියෙනවා. කොරෝනා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය පියවර රජයක් වශයෙන් ගනිමින් තිබෙනවා. ආශ්‍රිතයන් සොයාගෙන නිරෝධායන කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි කෙරෙහි විශ්වාසය තබා ගන්න කියලා.

අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා.

කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මය නගා සිටුවන්න මේ අයවැය මගින් විශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩිදියුණු කරන්න, ගොවියා ශක්තිමත් කරන්න අයවැයෙන් විශාල මුදලක් වෙන්කරලා. පොල් සහ වැවිලි ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීමටත් රජය සූදානම්. පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කරන්නත් සූදානම්. සියලු ක්ශේත්‍ර තුළ විශාල සංවර්ධනයක් ඉදිරි කාලයේ දී  දැකගන්න ලැබෙනවා.  පසුගිය වසර පහක යහපාලන රජයේ ප්‍රතිපත්තිය සහ අපේ රජයේ ප්‍රතිපත්තිය අහස පොලොව වගේ වෙනස්. පසුගිය රජය කාලයේ අපේ රටට කෝටි 1100 ක මුංඇට ගෙන්වලා.  මුං ඇට,කව්පි, බඩඉරිගු, උදු ,තල  ,කහ, ඉඟුරු මේ සියල්ල අපේ රටේ පහසුවෙන් වගා කරන්න හැකියාව තියෙනවා .එහෙම තිබියදීත් එවැනි භෝග පිටරටින් ගෙන්වා අපේ රට උගස් තබා තිබෙනවා. අපි හදපු වරාය විකුණුවා, ගුවන්තොටුපල විකුණන්න සූදානම් වුණා. රටේ සම්පත් විකුණලා රට ණය කළා. මේ රටේ සාමාන්‍ය ගොවි ජනතාව වෙනුවෙන් රටේ සම්පත් කළමනාකරණය කිරීම සඳහා අවස්ථාව ලබාදීම ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. වැරදි පාලනයට සම්බන්ධ වුණු යහපාලන රජයේ අය අද පාර්ලිමේන්තුවේදී විවේචන කරන්නේ මැරිලා ඉපදුනා වගේ. අමූලික බොරු පතුරවමින් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් එරෙහිව බොරු නිර්මාණය කරනවා. යහපාලන රජය ෆේල් ද අපි සමත්ද කියන එක රටේ ජනතාව දන්නවා.  අපේ රජය බලයට ඇවිත් වසරයි. ඒ කාලය තුළ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදෙමින් තිබෙනවා. අපි බලයට එනකොට පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු ආර්ථිකය කඩා වැටිලයි තිබුණේ. මේ තත්ත්වයන් තුළ ඉඳගෙන තමයි අපි ලක්ෂයකට රැකියා ලබාදීම, 60000 උපාධිධාරීන්ට රැකියා ලබා දීම,ගොවීන්ට සහන ලබාදීම, කිලෝමීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග දියුණු කිරීම, වැව් 5000 රොන්මඩ ඉවත්කර ප්‍රතිසංස්කරණය කිරීම, මොරගහකන්ද උතුරට ගෙනයන උතුරු මැද ඇල  සංවර්ධනය කිරීම, වයඹට ජලය ගෙනයන වයඹ ඇල සංවර්ධනය කිරීම ආදී ට්‍රිලියන ගණන් වියදම් යන දැවැන්ත ව්‍යාපෘති අපි ආරම්භ කරලා තියෙනවා.

ඔය පාස් කියලා හිතන් ඉන්න අයට සහරාන්ගේ බෝම්බය නතර කරගන්න බැරි වුණා, වරාය විකුණන එක නතර කරගන්න බැරි වුණා. රටේ ආරක්ෂාව නැති කළා. යුද්ධය අවසන් කරලා තිබෙන අවස්ථාවේ නැවත ත්‍රස්තවාදීන් හොල්මං කරන්න පටන් ගත්තා. අපිට තවමත් අවුරුද්දක් වැනි කෙටිකාලයයි ගත වුණේ. මේ විදිහට ජනතාව නොමඟ යවන්න එපා. යහපාලන රජය රුපියල් බාල්දු කරලා තිබුණේ. අපි එය පාලනය කරගෙන තියෙන්නේ රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කරලයි. විදේශගතව සිටින ශ්‍රමිකයෝ සියලු දෙනාම නැවතත් මෙරටට ගෙන එන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ලෝකයේ  දියුණු නොදියුණු සියලු රටවල් මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ රට මේ තත්ත්වයෙන් පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රශංසා කළ යුතුයි. එසේ නොකර අසාධාරණ විදිහට පහර ගැසීම පිළිබඳව අපි කණගාටු වෙනවා. අවස්ථාවාදී දේශපාලනඥයන්ට වඩා ජනතාව මේ තත්ත්වය පිළිබඳව තේරුම් අරගෙන තියෙනවා.

SendShareShare
Previous Post

බන්ධනාගාර රෝහල් බාර නිලධාරියා ඉවත් කරයි!

Next Post

කුණාටුව ලංකාවට ඇතුල් වෙන තැන වෙනස් කරයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.