මහජන විරෝධතා මධ්‍යයේ රටෙන් පලා ගිය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ නැවත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විදේශ මාධ්‍ය වෙත පවසා ඇත.
අලි සබ්රි බදාදා CNN වෙත පැවසුවේ “රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා” හිටපු ජනාධිපතිවරයාගේ නැවත පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට පවසා ඇති බවයි.
“නැවත පැමිණීමේදී නිල වශයෙන් අපට කිසිදු කාර්යභාරයක් නෑ. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහුට අවශ්‍ය පරිදි ගමන් කළ හැකියි,” යනුවෙන් සබ්රි පැවසීය.