ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන් සිදු කළ චෝදනාවකට පිළිතුරු ලබා දීමට සජබ තරුණ සංවිධානයේ මහලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා කටයුතු කළේය.
දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ව්‍යාජ මුදල් මුද්‍රණය කොට බේරුණු ආකාරය පිළිබදව සජබ කිසිවකුත් කතා නොකරන බවට අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාවට පිළිතුරු දෙමින් කණිෂ්ක ලැනරෝල් මහතා කියා සිටියේ 2014දී මහාධිකරණය මගින් ප්‍රේමදාස මහත්මිය නිදොස් කොට නිදහස් කර ඇති බවකි.
එහිදී ව්‍යාපාරිකයකු විසින් ලබා දුන් මුදල් අතර ව්‍යාජ මුදල් තිබී ඇති බවත්, පොලිසිය කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම පෙරේරා නමැති ව්‍යාපාරිකයා වරදකරු වී ඇති බවත්, ප්‍රේමදාස මහත්මියගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් ලක්ෂ 20ක මුදලක් පවා ගෙවීමට මෙම ව්‍යාපාරිකයාට සිදුවූ බවකි.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා අධිකරණයට අපහාස කරමින් ප්‍රේමදාස මහත්මියට චෝදනා කරන බවද ලැනරෝල් මහතා කියා සිටියේය.










