පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීම සම්බන්ධයෙන් අද රාත්‍රීයේ පැවැත්වෙන සිය සංගමයේ රැස්වීමකදී තීරණයක් ගන්නා බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ තිරිගු පිටි සමාගම් විසින් අද වන විට අධික ලෙස පිටි මිල ඉහල දැමීම හේතුවෙන් බේකරි හිමියන් ගැටළුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවයි.










