එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත්කරමින් අද (23) රාත්‍රියේ සිදුකිරීමට සූදානම් කොට තිබූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ අත්හිටුවීමට තීන්දු කොට ඇති බව පැවසේ.
ඒ සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බහුතරය සොයා ගැනීමට නොහැකි වීම මත මෙම වැඩපිළිවෙළ අතහැර දැමීමට සිදුව ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පසුගිය දින කිහිපය පුරාම මෙම කුමන්තත්‍රකාරී වැඩපිිවෙළ සදහා මන්ත්‍රීවරුන් එකතු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුවත් ඒ සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන් සොයාගැනීමට සජිත් පිලට හැකියාව ලැබී නැත.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව මෙම තීන්දුව ගෙන ඇති බවද පැවසේ.










