ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (1 ) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 377 ක ඉලක්කයක් කරා යමින් සිටියේය.
දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය.
තරගයෙන් ජයගැනීම නම් ශ්‍රී ලංකා පිල අද දිනය ඇතුළත තවත් ලකුණු 348 ක් ලබාගත යුතුය. පරාජයෙන් ගැලවීමට නම් දිනය පුරාම කඩුලු 10 ක් ආරක්‍ෂා කරගත යුතුය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 354ක් ලබා ගත් අතර සිය දෙවන ඉනිමට ලකුණු 280ක් ලබා ගත්තේය.
නමුත් ලංකා පිල සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 258ක් පමණි.










