අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත්කොට ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ධූරය දැරූ 2005 වසරේ සිට 2015 දක්වා වූ කාල වකවානුව තුළ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම්වරයා ලෙස කටයුතු කළේද කුමාරසිරි හෙට්ටිගේ මහතාය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය දැරූ සමයේද ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේ හෙට්ටිගේ මහතාය.
කුමාරසිරි හෙට්ටිගේ මහතා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි.










