අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (31) දින වෑවල ප්‍රාථමික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ඇති අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගත්තේය.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ රෝහිත රාජපක්ෂ මහතා තබා තිබූ සටහන මෙසේය.
වෑවල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලයේ හා ළමුන්ගෙන් අග්‍රාමාත්‍යතුමන් හට ඉල්ලීමක් ලැබුණේ මීට ටික දිනකට පෙරය.
ඒ, එම විද්‍යාලයේ විශාල අඩුවක්ව පවතින වැසිකිලි අවශ්‍යතාවය කඩිනමින් විසඳා දෙන ලෙස ඉල්ලමිනි.
එය සැලකිල්ලට ගෙන මා ඊයේ (31) දින එම විද්‍යාලයේ නැරඹීම් චාරිකාවක නිරත වූයෙමි.
1924 වර්ෂයේ සාදා නිම කරන ලද වැසිකිලි තුනක් පමණක් මෙම විද්‍යාලයේ පවතින අතර, මෙහි ඉගෙනුම ලබන ළමයින් 400 ක් දෙනා භාවිතා කරන්නේ මෙම වැසිකිලි තුන වේ.
මිනිත්තු විස්සක් පමණ වන විවේක කාලයේදී ළමුන් 400ක් පමණ මෙම වැසිකිලි තුන භාවිතා කිරීම ඉමහත් අසීරු බව මට වැටහිනි.
කඩිනමින් පාසලට අවශ්‍යව පවතින වැසිකිලි අවශ්‍යතාවය ඉතා ඉක්මනින් ඔවුනට ලබා දෙන බව ඔවුන් හා පැවති හමුවේදී මා පොරොන්දු වූයෙමි.
අලව්ව ගං උඩකන්ද හන්දිය ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, පොල්ගහවෙල ග්‍රීන් වුඩ් ක්‍රීඩාංගනය නිරීක්ෂණය, පොල්ගහවෙල ගල්මුත්තාගල පුරාණ විහාරස්ථානයේ ගැබිණි මව්වරුන්ට භාණ්ඩ බෙදා දීමටද කුරුණෑගල නිරීක්ෂණ චාරිකාවේදී මා අවස්ථාවක් කර ගත්තෙමි.















