ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC)හි අනුබද්ධ සමාගමක් වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෘදුකාංග සහ දෘඪාංග විසඳුම් සම්පාදකයකු ලෙස නම් දරා ඇති සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (Softlogic Information Technolgies) පුද්ගලික සමාගම සමඟ, නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් (Huawei Enterprise Solutions), ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘත්‍රීම බුද්ධි (Artificial Intelligence) විසඳුම් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයක් මෑතකදී ප්‍රකාශයට පත් කළේය.
ඩිජිටල් ආර්ථිකය දැන් රටේ සහ කර්මාන්තවල වර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස ස්ථිරව පිහිටුවා ඇති අතර නූතන ආර්ථිකයට ඩිජිටල් තාක්ෂණයන්හි වැදගත්කම අවිවාදිතය.











