• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔබේ අසනීපෙට බෙහෙත් නිවෙසට…

October 17, 2021
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබේ අසනීපෙට බෙහෙත් නිවෙසට…
Share on WhatsAppShare on Facebook

අට අනූවකටත් වඩා රෝග මිනිසාට ඇතත් එම රෝගවලින් බහුතරයක් බරපතළ තත්ත්වයට පත්වන්නට හේතුපාදක වී අත්තේ ඔවුනොවුන් ජීවත්වන නිවාසවල ඇති වාස්තු ප්‍රශ්නය. ඇතැම් රෝගවලට කෙතරම් ප්‍රතිකාර කළත් සුව නොවන අවස්ථා දක්නට ලැබෙන අතර එවැනි රෝගවලට හේතුව සොයාගන්නට මිනිස් සිරුර කෙතරම් ස්කෑන් කළද හැකි නොවන බව පැහැදිලි වේ. මේ තත්ත්වය ඇතිවී ඇත්තේ මිනිසාගේ බොහොමයක් රෝග ඔවුන්ගේ ගෘහය ආශ්‍රිත වාස්තු ප්‍රශ්න හා බැඳී පවතින නිසාය. එහෙයින් යම් රෝගයක ලක්ෂණයක් ඇතිවූ විගස නිවෙසේ වාස්තු ප්‍රශ්න කෙතරම් දුරට තිබේද යන්න සොයා බැලිය යුතුය.

ඉන් පසු එම වාස්තු ප්‍රශ්න හැකි අයුරින් විසඳීමෙන් පවුලේ සමගිය සමාදානය සුරැකෙනු ඇත. මේ සඳහා උදාහරණ අනන්තවත් අප සතුව ඇත.

අගනුවරට ආසන්න එක්තරා දෙමහල් නිවෙසක දිග අඩි 57.3කුත් පළල අඩි 56කුත් වපසරියක් යෙදී තිබුණේ සමචතුරස්‍ර හැඩයකිනි.

මෙම නිවෙසෙ පෙට්ටි හැඩැතිව මධ්‍ය ලක්ෂ්‍යය නිරන්තරයෙන්ම පෑගෙනසේ සාලයේ හරි මැදට යෙදී තිබිණි. පියගැටපෙළ හා පාදුස්සුම අඟල් 9ක්ද, පාතැබුම අඟල් 5කටද සීමාවී ඇති අතර, එය නිවෙස මධ්‍යම කොටසින් උඩුමහලට තබා ඇත්තේය. ඊසාන, නැගෙනහිර අපද්‍රව්‍ය එක්රැස් වන වළවල් ඇත.

ප්‍රධාන දොරටුව තබා ඇත්තේ භද්‍රා කොටස වන අශුභම පාදයේය. පියගැටපෙළ පටන්ගැන්මද මංගල දොරටුවට ඍජුවම තිබිණි. නවීන සියලු පහසුකම්වලින් අඩුවක් නැත. නිවාස හිමියන් සතු වාහන දෙකක්ද තිබේ. තවද නිවාස හිමියා විදේශ රටක වැඩි වැටුපක් ලබන රැකියාවක්ද කරන අතර මෙරටට වසරකට දෙවරක් පැමිණේ. බාහිර පෙනුමත් ඉතා ආකර්ෂණීයය. නිවෙස සහ පර්චස් 20ක ඉඩම් වපසරිය ඉතාමත් පවිත්‍රව ඇත.

මෙම නිවෙස පරීක්ෂා කිරීමේදී මූලිකම දෝෂය සමසතරැස් වීමත් බ්‍රහ්ම පාදය අවහිර වීම පඩිපෙළ හා මංගල දොරටුව අශුභ තත්ත්වයේ ඇති බව මෙන්ම ඉහළ මහලේද වාස්තුමය දෝෂ පිහිටා ඇති බව පැහැදිලි විය.

මෙකී නිවාස සෑදීමේදී අක්‍රමවත් සැලසුමක් පෙදරේරුවන් කිහිප දෙනකු මාරුවීමත් අමනාප වීමත් නිසා සෑහෙන කාලයක් වැඩ නතරවී තිබී පසුව නැකැතකට වැඩ අරඹා වරින් වර නිවෙස ඇතුළ වෙනස්කම් කරමින් සිටියදී නිවාස හිමියන් අතර නිතර නිතර අඬදබර සිත් අමනාපකම් ඇතිවී ඇත. දරුවන්ගේ ඉගෙනීම් කඩාවැටීම, ණයතුරුස්වීම්ද සිදුවී ඇති අතර වංචනිකයකුගේ මුදල් වංචාවකටද ගොදුරුවී ඇත. නිවෙස තුළ ජීවත් වීමට අපහසු වූ නිසා ගේ අතහැර කුලියට වෙනත් නිවෙසකට මාරුවිය. වෙනත් නිවාස කිහිපයකටම මාරුවීම් මේ කාලය ඇතුළත සිදුවිය.

ජීවිතයේ විවිධ කරදර බාධකවලට මුහුණ දෙමින් නිවාස හිමියාත් බිරිය සහ දරුවන් තිදෙනාම විවිධ මානසික පීඩනයන්ට මුහුණ දෙමින් සිටින බව පැහැදිලි විය. නිවාස වාස්තුව පරීක්ෂා කරන විටදී විශාල ලෙස වාස්තු දෝෂවලින් පිරී පැවැති බැව්ද අනාවරණ විය.

විශේෂයෙන්ම දැනගන්නට ලැබුණේ නිවෙසට අනවින දෝෂ කර ඇති බවය. ඔවුන්ට තදබල ලෙසම රහසිගත විරුද්ධවාදීන් සිටින බවද හෙළිවිය. සිය ආත්ම ශක්තිය හීනවන විට මෙවැනි ක්‍රමවේදයන් ගැන තදබල ලෙස විශ්වාස කරන බව පෙනේ.

අප විසින් විධිමත් වාස්තු විද්‍යා පරික්ෂාවකින් පසු එම නිවෙසේ වාස්තු දෝෂ ඉවත් කරගැනීමට හැකි විය. පොතේ හැටියට නොව අත්දැකීම් හරහා උපක්‍රමශීලීව කළ යුතු කාර්යයකි. නිවෙසක වාස්තු දෝෂ ඉවත් කිරීම අවම ලෙස කැඩීම් බිඳීම්වලින් තොර වීමද වැදගත් වේ.

වාස්තුමය රෝගී නිවෙසක් ඇතුළත අතිශයින්ම කායික හා මානසික පීඩාවකට ගොදුරු වෙමින් ජීවත් වීම විශාල අවාසනාවකි. එබැවින් එවැනි වාස්තු දෝෂවලින් ඔබත් නිවෙස තුළ වද විඳින්නේ නම් වහාම වාස්තු දෝෂ පරීක්ෂා කර ඉවත් කරගන්න.

මෙවැනි මහා වාස්තු දෝෂ ඇති දහස් ගණනක් නිවාස පරීක්ෂා කිරීමෙන් අප ලද අත්දැකීම් හරහා මෙසේ සටහන් කර සිටිමු.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ඇමැතිගෙන් නිලධාරීන්ගෙන් එන තර්ජන වැඩිවෙයි! ගුරු විදුහල්පතිවරු හෙට තීරණාත්මක හමුවක!

Next Post

මෛත්‍රීගේ පුතා දහම් දේශපාලනයට ඇතුලු වෙයි! (PHOTOS)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.