• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විවාහයෙන් පස්සෙ එයාව පේන්න බැරිද?

October 18, 2021
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 1 min read
A A
විවාහයෙන් පස්සෙ එයාව පේන්න බැරිද?
Share on WhatsAppShare on Facebook

තරුණයකුට තරුණියක හමුවූ පමණින් විවාහයකට අවශ්‍ය කාරණා සම්පූර්ණ නොවේ. ඒ සඳහා තරුණයාගේ පැත්තෙනුත් තරුණියගේ පැත්තෙනුත් සම්පූර්ණ විය යුතු කාරණාද රාශියකි. එකී කාරණා සම්පූර්ණ වුවද විවාහයකට පසුව සතුටින් පිරි ජීවිතයක් ගතකරන්නට සියලු දෙනාටම නොහැකි වන බවද පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වයන්ට බලපාන විවිධාකාර කරුණු කාරණා ඇතිමුත් තරුණයකු හා තරුණියක යුවතිපතීන් ලෙස විවාහ වූවායින් පසුව ඔවුන්ගේ පළමුවැනි බලාපොරොත්තුව වන්නේ සතුටින් සමගියෙන් නිදහසේ ඉන්නට හැකි නිවෙසකි. ඒ සඳහා ඔවුන් අලුතින් නිවෙසක් ඉදිකරගන්නට හෝ තිබෙන නිවෙසක් අලුත්වැඩියා කරගන්නට පෙලඹෙයි. එහෙත් එවැනි යුවතිපතීන් අතරින් බහුතරයකටම යුගදිවියේ නියමාකාර සතුට හෝ නිදහස අත්විඳින්නට ලැබෙනවාද යන්න ගැටලු සහිතය. මන්ද යත් ඇතැම් අය අතර කෙටි කලකින් මත ගැටුම් ඇතිවී සාමය පලායයි. නැතහොත් යුගදිවියට සම්බන්ධ වෙනත් ගැටලු පැනනගී. එසේත් නැතහොත් සියල්ල ලැබී දරුපල අහිමිකරවයි. මේ හේතු නිසා බහුතරයක් අඹුසැමියන්ට අත්වන්නේ වේදනාබර අත්දැකීම්ය.

ගෙයක් දොරක් සාදාගත් පමණින් නව යුවතිපතින්ගේ ප්‍රශ්න නොවිසඳේ. ඒ සඳහා දෙදෙනා තම නිදන කාමරයත් යහනත් ගැන ඉතා උනන්දුවෙන් සැලකිලිමත් විය යුතුය. එහිදී වාස්තු විද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් කරුණු කාරණා සොයාබැලීම වැදගත්ය.

ඒ අනුව නව යුවළකට නිදන කාමරය සකසා ගත යුත්තේ නිවෙසේ උතුරු දිශාවට බරවය. එයින් දෙදෙනා අතර සමගියට හේතු යෙදේ. එසේම කම්සැප වර්ධනය වන බවත් එකිනෙකා අතර සහයෝගය සහ උනන්දුව ක්‍රීයාශීලී වන බවත් පැවසේ. එනිසා උතුරු දිශාවේ පිහිටි කාමර මෙන්ම වෙනත් දිශාවල පිහිටි කාමර නොගැළපෙන බවත් විස්තු විද්‍යාඥයන් පෙන්වාදී ඇත. යම් ලෙසකට නිවෙසේ ඉදිරිපස කාමරයක් අඹුසැමි දෙදෙනා සඳහා තෝරාගතහොත් එයින් දෙදෙනා අතර නොරිස්සුම්සහගත සිතුවිලි වර්ධනය වීමට හේතු යෙදේ. අනියම් ඇසුරකට හේතු යෙදේ. යුගදිවිය බිඳී යෑමටද ඉඩකඩ ඇත. එසේම මුළුතැන්ගෙය අසල කාමරද සුදුසු නොවේ. අඹුසැමි නිදන කාමරය අසලම මුළුතැන්ගේ ඇති විට දියුණුවට බාධා ගෙන දේ. කරන කියන සියල්ල නිෂ්ඵල විය හැකිය.

අඹුසැමියන් නිදන කාමරයට සුදුසු වන්නේ මඳ ආලෝකයකි. මඳ අඳුර යුවතිපතීන්ගේ හැඟීම් වර්ධනයට හේතු වේ. එයින් තෘප්තිමත් රාත්‍රියකට අවස්ථාව ලැබේ. එසේම ළා නිල් පැහැ විදුලි එළිය කාමරය තුළ දැල්වීමත්, බිත්ති සඳහා ළා නිල් පැහැය යෙදීමත් ඉතා යෝග්‍ය බවටත් මතයක් වෙයි. එමගින් ඔවුනොවුන් අතර රාගී සිතුවිලි වර්ධනය වන බවත් සොයාගෙන ඇත. හතරැස් හැඩය ඇති කාමරයක් අංශක 90 මුළු කෝණ සහිතව නිමවා ගැනීමෙන්ද දෙදෙනා අතර සතුටට කදිම අත්වැලකි. කපු රෙදිවලින් නිෂ්පාදිත තරමක් ඝනකම් තිර රෙදි කාමරයට යොදාගැනීමත්, ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ගත සුවය ගෙනෙන රෙදිවලින් නිමවා තිබීමත් ඉතා වැදගත් දෙයකි.

ඉතා සාර්ථක යුගදිවියකට අඹුසැමි දෙදෙනා නිදන ඇඳ තනි ලී වර්ගයකින් විශාල තනි ඇඳක් ලෙස සකසා තිබිය යුතුමය. එසේ නොමැතිව ඇඳන් දෙකක් එකතු කර තබා නිදාගැනීම අතිශය හානිකර ක්‍රියාවකි.

මේ සඳහා යකඩ යොදාගැනීම සුදුසු නැත. එසේම යුවතිපතීන් නිදන ඇඳ යටලී, බාල්ක ආදිය ඇති තැන්වලට යටින් තැබීම සුදුසු නොවේ. එසේ තැබීමෙන් එම යටලීයට හෝ බාල්කයට සාපේක්ෂව සිටින ශරීර අවයවයන්හි ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර, කලක් යද්දී ඒවා යුගදිවියට බලපායි. එසේම අඹුසැමි දෙදෙනා නැගෙනහිරට හෝ දකුණට හිසලා නිදාගැනීමෙන් දෙදෙනාගේ සතුට දෙගොඩතලා යෑමට හේතු යෙදේ. එසේ නොවුණු විට බලා සිටියදීම විවාහය දෙදරා යෑමටද ඉඩ ඇත.

යම් ලෙසකට අඹුසැමි යුවළක් නිදන යහන යට අනවශ්‍ය බඩුබාහිරාදිය ගොඩගසා දූවිලි පිරී ඇත්නම් සිදුවන්නේ අයහපතකි. කාමරය නිතරම පිවිතුරු පිරිසිදු නැවුම් සුවඳින් තබාගතහොත් දෙදෙනා අතර බැඳීම් වර්ධනයට හේතු යෙදේ.

යුගදිවියක් සාර්ථක කරන ඊළඟ ප්‍රධාන සාධකය වන්නේ දරු සම්පතය. එනිසා දරුවකුගේ පින්තූරයක් කාමරයක එල්ලා තැබීම ඉතා වැදගත් වේ. තවද ආදරය වර්ධනයට ඉවහල් වන ඡායාරූප ආදියද නිදන කාමරයට ගැළපේ. එයින් දෙදෙනා අතර ආදරය වර්ධනයට හේතු යෙදේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

නළුවෝ වීරයෝ කරන මුම්බායේ ආතර් රෝඩ් හිරගෙදර!

Next Post

පාස්කු කොමිසමෙන් නඩු දාන්න කියපු මෛත්‍රීපාලත් පාස්කු ප්‍රහාරකයන්ට දඩුවම් දෙන්න කියයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.