පළාත් පාලන මැතිවරණයේ දේශපාලන පක්ෂ විසින් ඇප තැන්පත් කිරීම අත්හිටුවන ලෙසට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා නිකුත් කළ චක්‍රලේඛය ව්‍යවස්ථා විරෝධී බවත්, ඊට ඒරෙහිව හෙට දිනයේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඉදිරි රජයකදී ඊට සම්බන්ධ වූ සියලු දෙනාටම දඩුවම් ලබා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.










