• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බය නැති.. ණය නැති.. කළු ගලක් එක්ක හැප්පෙන… කවුද මේ රෝහිණී කවුද මේ ජනක…?

January 9, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
බය නැති.. ණය නැති.. කළු ගලක් එක්ක හැප්පෙන… කවුද මේ රෝහිණී කවුද මේ ජනක…?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තිබෙන්නේ අර්බුදයක බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් අර්බුද යනු ද්‍රෝහීන් මෙන්ම වීරයන්ද බිහිවන අවස්ථාවක් බව අප අමතක කළ යුතු නොවේ. ලාංකිකයන් තීරණාත්මක අභියෝග රැසක් හමුවේ සිටින වර්තමානයේ වැඩිපුරම ඇස ගැටෙන්නේ ද්‍රෝහීන්ය. එහෙත් ඉන් ගම්‍ය වනුයේ වීරයන් ඇත්තේම නැති බව නොවේ. අවාසනාවට මේ තීරණාත්මක මොහොතේ අපට හමුවන වීරයන්ගෙන් බහුතරය පොතේගුරු න්‍යායේ වීරයන් නිසා ඔවුනගේ වීරත්වය හුදීජනයාගේ පපුවට දැනෙන්නේ නැත. එහෙත් ජනතාව වෙනුවෙන් ඍජුවම අවි දරන වීරයන්ද අතරින්පතර හමු නොවන්නේම නොවේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන හිටපු විනිසුරු රෝහිණී මාරසිංහ වර්තමාන සමාජය දකිනුයේ එවැනි වීර චරිත දෙකක් ලෙසය.

ජනක රත්නායක වර්තමාන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාය. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වන ඔහු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයට අමතරව ටි්‍රලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් සර්විසර්ස් පුද්ගලික සමාගම, සිටි හවුසින් ඇන්ඩ් ප්‍රොපටි සමාගම, ටි්‍රලියම් රෙසිඩන්සීස් පුද්ගලික සමාගම ඇතුළු සමාගම් කිහිපයක සභාපති ලෙසද කරයුතු කරයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව යනු 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් පිහිටුවන ලද ආයතනයක් වන අතර මහාපරිමාණ රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් නියාමනය කිරීම එහි මුඛ්‍ය අරමුණ වෙයි. ශ්‍රී ලංකාවේ විදුලිබල නියාමනය, බෙදාහැරීමේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මෙන්ම ජල සැපයුම, ඛනිජ තෙල් සම්පත් ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවකටම වගකිව යුතු රාජ්‍ය ආයතනය වන්නේ එයයි. දශක දෙකක් වන එහි ඉතිහාසයේ සභාපතිවරුන් කොපමණ සේවය කළද ජනතාවගේ හිතේ රැඳුණු එකම සභාපතිවරයා වනුයේ ජනක රත්නායකයි. අද වන විට ජනතාව ඔහු හඳුනාගෙන සිටිනුයේ තමන්ට මහා බරක් වී ඇති විදුලි බිල තව තවත් වැඩි කරන්නට විෂය භාර අමාත්‍යවරයා වන කංචන විජේසේකර ගන්නා දුෂ්ට උත්සාහයට එරෙහිව හටන් කරන සටන්කරුවකු ලෙසයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත්කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීමෙනි. එහෙයින් ඔහුට විෂය භාර ඇමැති සමග පමණ ඉක්මවූ බැඳීමක් පවත්වාගෙන යාම අවශ්‍ය නොවේ. එකී වරප්‍රසාදයෙන් උපරීම ඵල නෙළාගන්නා සභාපතිවරයෙක් ලෙස ජනක රත්නායක හැඳින් විය හැකිය. ආණ්ඩුව පසුගිය අගෝස්තුවේ විදුලි බිල ඉහළ දැම්මේය. ඒ, 75%කට ආසන්න ගණනකිනි. නමුත් විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා සිටියේ 250% මිල වැඩි වීමකි. විදුලි පාරිභෝගිකයනට කරන්ට් වැද්දූ එකී ඉල්ලීම 75% දක්වා පසුබැස්සවීමට හැකි වූයේ ජනක රත්නායක ප්‍රමුඛ මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත් වීමෙනි.

එහෙත් ආණ්ඩුවද වැඩේ අතහරින්නේම නැත. දැන් නැවත වරක් 250%කින් විදුලි බිල වැඩි කරන්නට ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනැවිත් ඇත. එකී යෝජනාව ගෙන ඒමට පෙරම එය පරාජය කරන බව ජනක රත්නායක එළිපිටම පැවැසූවේය. එමතුදු නොව ආණ්ඩුව හිතුවක්කාරෙට විදුලි බිල වැඩි කරන්නට ගියහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව ඔහු එළිපිටම පැවැසූවේය. විදුලිබල ඇමැතිවරයා නිරුත්තර කළ ඒ ප්‍රකාශයෙන් පසු නීතිපතිගේ ප්‍රකාශයකට මුවාවීමට ඇමැතිවරයා උත්සාහ ගත්තද සභාපති ජනක රත්නායක එයද නැතිකර දැම්මේය. ඒ අනුව දැන් විදුලි බිල වැඩි කිරීම වෙනුවෙන් ඇත්තේ ගල උඩ සටනකි. එක් පැත්තක ඇමැතිය. අනෙක් පැත්තේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිය. ජනතාවගේ පැතුම ඇමැතිගේ පරාජය බවට නම් සැක නැත.

මේ දෙදෙන්නාගේ සටන ඇත්තේ විදුලි බිල සඳහා පමණක් නොවේ. ලක් විජය තාප බලාගාරයට ප්‍රමාණවත් ගල් අඟුරු නැති බවත්, එහෙයින් විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවත් සභාපතිවරයා පවසද්දී, ඇමැති එය ප්‍රතික්ෂේප කළේය. අවසානයේ ඉංජිනේරුවන්ද සභාපතිගේ කීම අනුමත කළ නිසා ඇමැතිට කරබාගන්නට සිදුවිය. සපුගස්කන්දට ප්‍රමිතියෙන් තොර බොරතෙල් ගෙනැවිත් ඇති බව එළිපිටම කීවේද ජනක රත්නායකය. ඇමැති එවිටද ඊට එරෙහි විය. එහෙත් වෘත්තීය සමිති පෙරට විත් සභාපතිගේ කතාව සනාථ කළේය. නැවත වරක් ඇමැති පරාජය විය.

සභාපතිවරයා ජනතාව වෙනුවෙන් කතාකිරීම නිසා ආණ්ඩුවට ඔහු ඇසේ ඇනුණු කටුවක් මෙන් විය. පසුගිය වසරේ ජූලි මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කිරීම ඊට නිදසුනකි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවට පැමිණ කරන ජනතාව නොමඟ යවන ප්‍රකාශවලින් ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව එම මන්ත්‍රීවරු එහිදී පැවැසූහ. එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති යනු ජනපතිගේ තනි කැමැත්තට හෝ ආවාට ගියාට ඉවත් කළ හැක්කෙක් නොවේ. එහෙයින් එවක අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ පැවැසූවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113කගේ අස්සන් සහිත ලිපියක් භාරදෙන්නේ නම් පමණක් ඔහු ඉවත් කිරීමට පියවර ගත හැකි බව‍යි.

ආණ්ඩුවට ජනක රත්නායක ඇත්තටම ‘ඇණයක්’ වූ බව පසුගිය කාලයේ දැකගත හැකි වූයේය. ඒ නිසා විදුලිය සම්බන්ධව පමණක් වෙනමම මහජන උපයෝගිතා කොමිසමක් පිහිටුවීමට ආණ්ඩුව වරක් සූදානම් වූවේය. මණ්ඩලය පාඩු ලබන්නට හේතුව දේශපාලන තීරණ බවත්, 2015 දී 25% විදුලි බිල අඩු කිරීම ඊට හේතුවක් බවත් ජනක රත්නායක පෙන්වා දුන්නේය. එමතුදු නොව පසුගිය වසරේ අවසන් කාර්තුවේ කළ මිල වැඩිකිරීමෙන් පසු මණ්ඩලය යම් මෙහෙයුම් ලාභයක් ලැබූ බව රටට හෙළි කළේද ඔහුය.

විදුලි සහ ඉන්ධන මාෆියාව පිළිබඳ ජනක රත්නායක දිගින් දිගටම සටන් කළේ ජනතාවගේ පාර්ශ්වයේ සිටය. එසේ සටන් කරද්දී ගැටුම් හදාගත්තේ විෂය භාර ඇමැති සමග සහ ව්‍යවස්ථාදායකය සමග පමණක් නොවේ. ඔහු රටේ විධායකය සමගද ගැටුණේය. වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනක රත්නායකට එළිපිටම බැණවැදුණේය. ජනක රත්නායක විදුලි බිල වැඩිකිරීමට විරුද්ධ වනුයේ ඔහුගේ සමාගම්වල බිලද වැඩිවන නිසා බව ජනාධිපති චෝදනා මුඛයෙන් කීවේය. ඊට ජනක රත්නායක හීන් නූලෙන් පිළිතුරු දුන්නේය.

ජනාධිපතිවරයා කවුරුන් විසින් හෝ නොමඟ යවා ඇති බවත්, සභාපතිවරයකුට අභියෝග කිරීම ජනාධිපතිවරයකුට නොගැළපෙන බවත් කටේ දිවේ නොගෑවී ඔහු කියා දැම්මේය. දේශපාලනයෙන් තෙම්පරාදු වූ රනිල් වික්‍රමසිංහ එයින්ම නිහඬ වූයේය.

මීට අමතරව අවසන් වතාවට පැවැති මාධ්‍ය හමුවේදී පවා ජනක රත්නායක අභීතව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා සිටියේ අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීමට කටයුතු කරන්නේ නම් කොමිසම සතුව ඇති නිෂේධ බලය පාවිච්චි කොට එය අවලංගු කිරීමට තමන් කටයුතු කරනවා යැයි කියාය. එය මෙතෙක් කලක් කොමිසමක සිටි කිසිදු සභාපතිවරයෙක් ඉතිහාසයේ නොකළ කතාවකි. එය ඔහුගේ අභීත බව වටහාගැනීමට හොඳම සාක්ෂියය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති එසේ ව්‍යවස්ථාදායකය සහ විධායකය සමග ගැටෙමින් ජනතාව වෙනුවෙන් සටන් කරද්දී තවත් එක් සභාපතිවරියක තවත් පසෙකින් රටවැසියාගේ මානව අයිතීන් වෙනුවෙන් සටන් කරන්නීය. ඕ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි, විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහය.

1976 දී නීතිය පිළිබඳ උපාධියක් ලබාගත් රෝහිණී මාරසිංහ, 1980 වසරේ රජයේ අධිනීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණාය. 2006 දී අභියාචනාධිකරණයේ විනිසුරුවරියක් ලෙස උසස් කරන ලද ඕ, 2013 අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරනු ලැබුවාය. හාර්ට්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් ඇය, පොදුරාජ්‍ය මණ්ඩලීය මහෙස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සම්මන්ත්‍රණය සහ කලාපීය සහයෝගිතා සමුළුව සඳහා වූ දකුණු ආසියානු සංගමය ඇතුළුව ලොව පුරා බොහෝ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සඳහා සහභාගි වූ විෂය ප්‍රාමාණිකාවකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (්‍HRCSL) සභාපතිනිය ලෙස පත්කරන ලද්දේය.

මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් කරන පත්කිරීමකි. එහෙත් එම ධුරය රටේ සමස්ත ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් මිස පාලකයන්ගේ ගැළවීම වෙනුවෙන් යොදාගත යුතු නොවන බව ප්‍රායෝගිකව ඔප්පු කරමින් රෝහිණී මාරසිංහ මේ වන විටත් සිය ධුරයේ කටයුතු කරමින් සිටින්නීය. මානව හිමිකම් යනු බොහෝ දෙනෙක් සිතා සිටි සීමාව ඉක්මවා යන්නක් බවත්, යහපත් ආර්ථික තත්ත්වයක් යටතේ ජීවත් වීමද මානව හිමිකමක් බව ලංකාවට පමණක් නොව ලෝකයටම පසක් කිරීමට ඇය සමත් වූවාය.

මාස කිහිපයකට පෙර ජිනීවාහි පැවැති ශ්‍රී ලංකාවේ සිවුවැනි විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයට (UPR) සහභාගී වූ ඇය, පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති රට පෙර නොවූ විරූ දේශපාලන-ආර්ථික-සමාජයීය තත්ත්වයකට ඇදදැමූ අයුරු කදිමට පැහැදිලි කළාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමට එම තත්ත්වට හේතු වූ බවත් අදූරදර්ශී රසායනික පොහොර තහනම 2021 දී කෘෂි කර්මාන්තය විනාශ කළ බවත් ඇය එහිදී පැවැසූවාය. 2019 ජනාධිපතිවරණයෙන් පසු ලබාදුන් අනවශ්‍ය බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අහිමි වීම, උග්‍ර ඉන්ධන සහ ගෑස් හිඟය සහ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඖෂධ සැපයුම අඩාළ වීම නිසා රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳවටුණු ආකාරය සභාපතිනිය එහිදී පැවැසුවාය.

සීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම එම වාසිය ලබාගත් පාර්ශ්වයන්ගෙන් නැවත අයකර ගතයුතු බව ජාතික විගණන කොමිසම හා එක්ව රජයට නිර්දේශ කිරීමට කටයුතු කිරීම ආර්ථිකය සහ මානව හිමිකම් අතර පවතින අවියෝජනීය සබඳතාව ඇය පෙන්වා දුන් තවත් එක් අවස්ථාවකි. කිසිවකුගේ පැමිණිලක් නොමැතිව වුවද පළවූ පුවත්පත් ලිපි ආශ්‍රයෙන් විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට මානව හිමිකම් කොමිසම කටයුතු කළේ ඇගේ මඟ පෙන්වීමෙනි. අත්තනෝමතික මිල ඉහළ දැමීම පුරවැසියන්ට ජීවත් වීමට ඇති අයිතියට එල්ල වන බාධාවක් ලෙස සැලකිය යුතු බව ඕ එහිදී පෙන්වා දුන්නාය. ජනවාරි මස විදුලි ගාස්තු නැවත ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව දැනටමත් පවසා ඇත. ඒ, මානව හිමිකම් ක්ෂේත්‍රයේ සීමාවන් තව තවත් පුළුල් කිරීමට ඇගේ දායකත්වය හිමිවූ අවස්ථාවකි.

මානව හිමිකම් කොමිසම අරගලයේ සාමාජික සාමාජිකාවන්ගේ අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටි අතර ගෝඨා ගෝ ගමට මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව වහා පරීක්ෂා කිරීමට මානව හිමිකම් කොමිසම මෙහෙයවීමට එහි සභාපතිනිය ලෙස රෝහිණී මාරසිංහ කටයුතු කළාය. අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකින් පසු සාමකාමී අරගලකරුවන්ට පහරදීමට පැමිණි පිරිස් පාලනය කිරීමට හෝ වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට විරෝධතා භූමිය අවට සේවයේ සිටි සියලු පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනයක් සිදුකළ යුතු බව ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමට කොමිසම කටයුතු කරන ලද්දේය.

පොලිස් නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවිතයට සහ රටේ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බව පෙන්ව දීමට මානව හිමිකම් කොමිසම පියවර ගත්තේය. ඒ පසුගිය කාලයේ උද්ඝෝෂණ ආදී මහජන ක්‍රියාකාරකම් මර්දනයට පොලිස් නිලධාරීන් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසමට කැඳවීමෙනි. එය මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂ අවස්ථාවකි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පෑමට මානව හිමිකම් කොමිසම කටයුතු කිරීම සහ රජයේ හමුදා ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නිර්දය ලෙස හෙළාදැකීම මානව හිමිකම් කොමිසමේ සභාපතිනියගේ කාර්යක්ෂම බව පෙන්වූ අවස්ථා කිහිපයකි.

ජනක රත්නායක සහ රෝහිණී මාරසිංහ දෙදෙනාගේ වෘත්තීය භූමිකාව කියාපානුයේ මැති ඇමැතිවරුන්ට ගැති නොවන, දේශපාලනඥයන්ගේ පාලනයෙන් මිදුණු ස්වාධීන රාජ්‍ය සේවයක අරුමයය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයෙන් රජයේ ඉහළ නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ලබාදුන් ඉඩ හසර අහෝසි කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය ගෙන ආවේ මෙවැනි ස්වාධීන නිලධාරීන් තක්කඩි දේශපාලනඥයන්ට හිසරදයක් වන බැවිනි. යළිත් යහපාලන ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙන එමින් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමට පණ දුන්නේය. නැවත 2020 බලයට පත් මහින්ද රාජපක්ෂ රජය 20 වැනි සංශෝධනය ගෙන එමින් 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කළ රාජ්‍ය සේවය යළි සිය අත යටට ගත්තේය. පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විපක්ෂය ගෙන ආ 21 වැනි සංශෝධනය රජයේද යෝජනා ඇතුළත්ව සම්මත කරගැනීමෙන් නැවත වරක් රාජ්‍ය සේවය යම්තාක් දුරට දේශපාලනඥයන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඇත්තේය. ජනක රත්නායකලා, රෝහිණී මාරසිංහලා මේ කට‍යුතු කරන්නේ යාන්තමින් හෝ ස්ථාපිතව ඇති එකී අවකාශයේ බව අප විශ්වාස කරන්නෙමු.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මිනිසුන්ට කන්න නෑ, මිනිසුන්ට රස්සාවල් නෑ, මිනිසුන්ට බදු ගහනවා, එහෙව් එකේ මිනිසුන්ගේ බදුවලින් පාඩු ලබන කොම්පැනි දෙකකට ලක්ෂ ගණන් බෝනස් දුන්න, අශෝක් සහ උවයිස්…

Next Post

තවම පරීක්ෂණ ඉවරත් නෑ! වාර්තා ලැබිලත් නෑ! ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ! සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද? පත්තරවල නිව්ස් ගහන්නේ කොහොමද?

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.