• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිසුන්ට කන්න නෑ, මිනිසුන්ට රස්සාවල් නෑ, මිනිසුන්ට බදු ගහනවා, එහෙව් එකේ මිනිසුන්ගේ බදුවලින් පාඩු ලබන කොම්පැනි දෙකකට ලක්ෂ ගණන් බෝනස් දුන්න, අශෝක් සහ උවයිස්…

January 8, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
මිනිසුන්ට කන්න නෑ, මිනිසුන්ට රස්සාවල් නෑ, මිනිසුන්ට බදු ගහනවා, එහෙව් එකේ මිනිසුන්ගේ බදුවලින් පාඩු ලබන කොම්පැනි දෙකකට ලක්ෂ ගණන් බෝනස් දුන්න, අශෝක් සහ උවයිස්…
Share on WhatsAppShare on Facebook

‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ කියා කතාවක් තිබේ. ලංකාවේත් සමහර ආයතනවල හැටි එහෙමය. ලංකාවම මරණයක් බවට පත්වෙලා තිබුණත් සමහරු නම් හොඳ හැටි පැණි කමින් සිටී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහෙම ගජරාමෙට පැණි කෑ ආයතන දෙකකි. පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම්දී තිබිණි. ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රීලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයිද ජනාධිපති වෙත භාරදුන් වාර්තාවේ දක්වා තිබේ.
ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාභ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇති අතර, මේ වෙනුවෙන් රුපියල් කෝටි 120ක මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ. ලාභ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවූ වාර්තාවක් යටතේ බවද දැනගන්නට තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් 4,200ක් සිටී. මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇත. එහි ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5ක මාසික වැටුප් ලබන නිලධාරීන්ද සිටින තත්ත්වයක් තුළ, යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා ගෙවා ඇතැයිද වාර්තා වේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5,800ක් සිටී. ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ. ඒ අනුව රුපියල් කෝටි 58ක් මේ වෙනුවෙන් වැයකර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් මෙලෙස 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ජනපතිට දුන් වාර්තාවේ දක්වා ඇත.

රජයේ චක්‍රලේඛ කඩ කරමින් ප්‍රසාද දීමනා ගෙවීම ගැන මේ ආයතන දෙකෙන් නිදහසට කරුණු විමසා ඇත. ඛනිජ තෙල් සංස්ථාව පසුගිය වසරේ අගෝස්තු වන විට රුපියල් බිලියන 633ක පාඩුවක් ලබා ඇත. එමෙන්ම වසර මැදදී ඉන්දියාවෙන් රුපියල් බිලියන 228ක ණයක්ද ගෙන ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2022/2023 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී රුපියල් බිලියන 112.8ක පාඩුවක් ලබා ඇත. මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවේ 2021දී සඳහන් කර ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බදු ගෙවීමට පෙර අලාභය රුපියල් බිලියන 170.8ක් බවයි.

රටට විශාලම පාඩුව කරන ආයතන අතර විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉදිරියෙන්ම තිබේ. එමෙන්ම, ශ්‍රීලන්කන් එයාර් ලයින්ස්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා සතොස ආදී ආයතන නම් කෙරෙන්නේ වැඩිම දූෂණ වංචා තිබෙන ආයතන ලෙසය.

‘මේ වන විට දැඩි ලෙස අලාභ ලබමින් සිටින ශ්‍රීලන්කන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 – 2021 වර්ෂයේ පමණක් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021 මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්නම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පයගසා නැති මේ රටේ දුගීදුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි….’ අග්‍රමාත්‍යවරයා වරක් ජාතිය අමතමින් එහෙම කීවේය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය රටට බරක්වී ඇති බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතු බව කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් ද වරක් කීවේය. පසුගියදා බෝනස් ලබාදී තිබුණේ එහෙම ආයතනයකය.

රුපියල් කෝටි තිස්එක් දහස් පන්සියයක පමණ ණය ප්‍රමාණයක් සහිතව ශ්‍රීලන්කන් ආයතනය පවත්වාගෙන යයි. දැවැන්ත පාඩුවක් ලබමින් පවතින ශ්‍රීලන්කන් ගුවන් සේවය වෙත උපදේශකයන් 18 දෙනකු බඳවා ගැනීමට කටයුතු කළේ වාර්ෂිකව රුපියල් කෝටි 14ක් වැය කරමිනි. ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ගුවන් යානයක් තුළ කළමනාකරුවකු බැගින් මේ වන විටත් සේවයේ යොදවා සිටියදීත් ඔවුන් අධීක්ෂණය කිරීමට මෙම උපදේශකයන් 18 දෙනා බඳවාගෙන ඇත. මෙම එක් උපදේශකවරයකුගේ වැටුප මසකට රුපියල් ලක්ෂ 5කට අධිකය.

කෝප් කමිටුවේදී හෙළිවුණේ 2021 වර්ෂයේදී ගුවන් සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674ක් බවය. අරුම පුදුම කාරණය වන්නේ මෙතරම් පාඩු ලබද්දීත් ඉහළ කළමනාකරණ නිලධාරීන් ලක්ෂ 30කට අධික වැටුප් ලැබීමය. මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ එයාර් බස් ගනුදෙනුව, පසුගිය කාලයේ කුලී පදනම මත එයාර්බස් මිලදී ගැනීමට සූදානම් වීම, ප්‍රංශ ගුවන් යානා සමාගමක් අතරමැදියන් යොදවා ගුවන් යානා කොන්ත්‍රාත් ලබාදීමේ අරමුණින් අල්ලස් ලබාදුන් බවට චෝදනා එල්ල වීම ආදිය මේ ආයතනය වළපල්ලට යැවීමට හේතුවිය.
රාජපක්ෂ යුගයේ, එනම් 2011 වසර වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය රුපියල් මිලියන 202.3ක පාඩුවක් ලැබීය. ඒ, හිටපු සභාපතිවරයකුගේ අයථා ක්‍රියාවන් නිසාය.

මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමතරව ‘අහස අපට’ තේමාව යටතේ මිහින් ලංකා නමින් තවත් ගුවන් සේවා ආයතනයක් 2007 දී මෙහෙයුම් ආරම්භ කරනු ලැබ තිබිණි. වසර දෙකක කාලයක් පැවැති මිහින් ලංකා ආයතනය 2016.10.30 වැනි දින සිට අධික පාඩුව නිසා වසා දැමීමට සිදුවිය. මේ රජය යටතේ මිහින් ලංකා ආයතනය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්ත කරනු ලැබුවත් ගොඩ ඒමක් නම් නොවීය. 2012 විගණකාධිපති වාර්තාවට අනුව මිහින් ලංකා පාඩුව ඒ වන විට රුපියල් බිලියන 8.5ක් වී තිබිණි.

ශ්‍රීලන්කන් පිළිබඳ එල්ල වූ චෝදනා අක්‍රමිකතා සොයාබැලීමට යහපාලන රජය මගින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත්කරනු ලැබිණි. වැලිඅමුණ විමර්ශන කමිටුව මගින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් ආයතනය තුළ සිදුවී ඇති මුදල් නාස්තිය පිළිබඳ පිටු 136ක වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇත. 2012 වර්ෂයේ පාඩුව මිලියන 14,000ක් වී තිබිණි. 2013 පාඩුව මිලියන 19,000ක් වී තිබිණි. 2014 පාඩුව මිලියන 21,000ක් වී තිබිණි. මේ පාඩුව පියවීමට සිදුවූයේ රජයටය.

එකල කිසිදු හිරිකිතයකින් තොරව දේශපාලන ප්‍රධානීන්ගේ පුතුන්ගේ ඡන්ද වැඩ සඳහා ද සේවක සේවිකාවන් යොදවා තිබුණේ වැටුප් හා අතිකාල ද සමගින්ය. කෙසේ වෙතත් 1998 දී ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සමාගමට භාරදුන් අතර එය 2008 දී නැවත ලබාගන්නා විට ලැබූ ලාභය බිලියන 4.9ක්ව තිබිණි. නමුත් 2009 – 2019 කාලය තුළ එය රුපියල් කෝටි 24,000ක් පාඩු විය. මේ සඳහා රාජපක්ෂ සමයේ, එනම් 2013 – 2014 වසරවලදී ගුවන් යානා ආදිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට එළැඹි ගිවිසුම ඈවර කිරීමේදී ගෙවීමට සිදුවූ රුපියල් මිලියන 17058.1ද හේතු විය.

ගුවන් සේවාව මෙතරම් අතිවිශාල පාඩුවක් ලැබීමට මූලික හේතුවක් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය බව කියති. වයස අවුරුදු 68ක් ඉක්මවා සිටි නිශාන්ත වික්‍රමසිංහ පරිපාලනය පිළිබඳ කිසිදු දැනුමක් තිබූ පුද්ගලයකු නොවේ.

මර්සිඩීස් බෙන්ස් රථයක් හා සුපිරි ප්‍රාඩෝ රථයක් සභාපතිවරයා පාවිච්චි කරමින් සිටින අතරතුර තවත් කෝටි 1, 1/2ක මුදලක් වැයකර නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට එවක ක්‍රියා කර ඇත. ඇත්ත වශයෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවය උඩින් යන්න ගොස් බිමට සමතලා වී ඇත. දැන් එය ඩොලර් ගිලින යක්ෂයෙකි.

බෝනස් ලබාදී ඇති අනෙක් ආයතනය වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය.

මෙරට වෙත ඉන්ධන ආනයනය සහ බෙදාහැරීමේ ඒකාධිකාරය හිමි රාජ්‍ය ආයතනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වර්තමානයේදී අධික ලෙස පාඩු ලැබීමට හේතු 08ක් පවතින බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වරක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අතිරික්ත සේවක සංඛ්‍යාව, අකාර්යක්ෂම සහ අනවශ්‍ය ලෙස ඉහළ වැටුප් ලබන සේවකයන්, 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ 25% වැටුප් වර්ධක, තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳාපැවතීම සහ ඉහළ බෙදාහැරීමේ පිරිවැය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතුවී ඇති බවය.

නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා මාස 06ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් අහිමි වී ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස හතරකදී වාර්තා කර ඇති අලාභය රුපියල් බිලියන 600කි. ශ්‍රීලන්කන් ගුවන් සේවය මාස හතරකදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 200කි. රටේ සමෘද්ධි සහනාධාරය සඳහා වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 50කි. එයින් පැහැදිලි වන්නේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වැයකරන මුදල මෙන් සිවු ගුණයක ප්‍රමාණයක් ගුවන් සේවය නඩත්තු කිරීම සඳහා යොදවන බවය. එමෙන්ම, සමෘද්ධියට වැය කරන මුදල මෙන් දොළොස් ගුණයක ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා වෙන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව‌ මෙම වසරේ මුල් මාස 04 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් 73%ක අගයක් ගෙන ඇත.
2002 දේශීය ඉන්ධන වෙළෙඳපොළේ කොටසක් එල්.අයි.ඕ.සී. සමාගමට භාරදෙන විට තවත් අන්තර්ජාතික සමාගමක් ශ්‍රී ලාංකීය ඉන්ධන වෙළෙඳපොළට ඇතුළත් වීමට බලාපොරොත්තුව සිටියේය. එය සිනොපෙක් සමාගමයි. සිනොපෙක් සමාගම චයිනා පෙට්රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන්හි අනුග්‍රාහක සමාගමක් ලෙස පිහිටුවන ලද්දකි. එහෙත්, කල්ලිවාදය විසින් ඊට ඉඩ සලසනු නොලැබීය. දැන් තරගකාරීත්වය ඇත්තේ සමාගම් දෙකක් අතරය. එහෙත් අවාසනාවන්ත කාරණාව වන්නේ එය බරපතළ ලෙස පාඩු ලබමින් ක්‍රියාත්මක වීමය. පාඩු ලබන බවට නිතරම කන්කෙඳිරි ගාමින් තෙල් මිල ඉහළ නැංවීමට දතකට මැදගෙන බලා සිටින ආයතනයක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව හැඳින්විය හැක. නමුත් බරපතළ නාස්තිකාර වියදම් හේතු කොටගෙන එම ආයතන පාඩු ලබන බව නොරහසකි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි. සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර තිබූ ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බව සඳහන් වෙයි.

රුපියල් මිලියන 18,848ක මෙහෙයුම් අලාභයක් ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතළ මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවිකිරීමට මෙම මුදල වැයකර ඇතැයි කියති. මෙම සංස්ථාව පිහිටි තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කැමරා සවිකර ඇති අතර නිලධාරීන්ගේ කාමරවලට අධි තාක්ෂණික ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද වාර්තා වෙයි. ඒ සියල්ල මැද කෝටි ප්‍රකෝටි ගණන් බෝනස් ගෙවා ආයතනය වළපල්ලටම තල්ලු කිරීමට කටයුතු යොදා ඇත.

මුළු රටම අද වන විට සිටින්නේ බරපතළ ඛේදවාචකය. තම දරුවන්ට පාසලට අවශ්‍ය පොත් කට්ටලය ලබාදීමට නොහැකිව මවුපියෝ සුසුම් හෙලමින් සිටිති. ණය කන්දට මුහුණ දීගත නොහැකිව එක් මවක් සිය දරුවන් දෙදෙනාට වස පොවා ඇයද වස පානය කොට ජීවිතය නැතිකර ගන්නට උත්සාහ දැරූ පුවතක් පසුගියදා වාර්තා විය. අතිශයින්ම කනගාටුවට කාරණය වන්නේ ඇගේ සැමියා වසර 12ක විශේෂ කාර්ය බළකා සෙබළකු ලෙස කටයුතු කර තිබීමය.

මෙවැනි බරපතළ ඛේදවාචකයක් රටේ තිබෙද්දී, රටටම බරක් වූ ආයතනවල ලොක්කෝ බෝනස් ලබා ගනිමින් සිටී. පුදුමාකාර ඛේදවාචකයකි.

ටි්‍රක්සි ජයවර්ධන

SendShareShare
Previous Post

ඇඩ්වොකාටා ආයතනයේ 2022 කාර්යසාධනය අගයයි…

Next Post

බය නැති.. ණය නැති.. කළු ගලක් එක්ක හැප්පෙන… කවුද මේ රෝහිණී කවුද මේ ජනක…?

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.