කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දිනයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී නිලධාරීන් සමග ගුවන්තොටුපොළේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මගී ජනතාව මුහුණදෙන අපහසුතා රැසකට වහා පිළියම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ආකාරයක් දැකගත හැකි විය.

මීට පෙර මේ ආකාරයටම ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන කිහිපයකටම පූර්ව දැනුම්දීමකින් තොරව ගොස් එම ආයතනයන්හි ඇති අඩුපාඩු සොයා බැලීමට පියවර ගෙන තිබිණ.










