• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලාකරුවන්ට අපල 2022…

January 1, 2023
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
කලාකරුවන්ට අපල 2022…
Share on WhatsAppShare on Facebook

පසුගිය දවසක මුහුණු පොතේ හරි අපූරු පෝස්ටුවක් පළවී තිබුණා. පෝස්ටුවට අයත් පින්තූරයේ හිටියේ ලංකාවේ නමගිය කලා ශිල්පීන් පිරිසක්. පින්තූරය පසෙකින්, ‘විවිධ ක්ෂේත්‍රයේ කලා ශිල්පීන් සමූහයක් ලෙස එක්වන වසරේ අවසාන මහා කලා මංගල්‍යය 2022 දෙසැම්බර් මස 31 වැනිදා රාත්‍රියේ දෙව්ලොවදී පැවැත්වේ…’ යනුවෙන් සටහන්ව තිබිණි.

නිර්මාණශීලීව තනා තිබූ පෝස්ටුවෙහි හිමිකරු ගැන එතරම් නිනව්වක් නැති වුවද එය ඇස ගැටෙන විට හිතට දැනුණේ ලොකු කනගාටුවකි. එයට හේතු වූයේ පෝස්ටුවෙහි පින්තූරයට මුහුණ දී සිටි කලා ශිල්පීන් සියල්ලන්ම අද ජීවතුන් අතර නැති නිසාය. පෝස්ටුවෙහි අන්තර්ගතය කුරා කුහුඹුවකටවත් වරදක් නොවන නියායෙන් කළ අවිහිංසක සරදමක් වුවද හිටි අඩියේ එක පෙළට අකාලේ ජීවිතය හැරගිය කලාකරුවන් පිරිස එකම සේයාරුවක එහෙම ඉන්නවා දකින විට පපුව හෝස් ගා යනු කලාකාමී සිත් ඇති රසිකයනට හොදැනුණා නම් එය පුදුමයකි.

සත්තකින්ම කියනවා නම් අවිවාදයෙන් පිළිගත යුතු එක් කාරණයක් වන්නේ 2022 වසර කලාකරුවන්ට අසුබ කාල වකවානුවක් බවය. දෙසැම්බර් මාසය තුළදීම ඉතා ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක්ම ජීවිත කලාවෙන් සමුගෙන ගියහ. ඒ, නිහාල් නෙල්සන් නම් බයිලා රජා සහ හින්දි ගීත උමතුව ශ්‍රී ලාංකේය සංගීත කලාවට හඳුන්වා දුන් නුවන් ගුණවර්ධනය. නුවන් එහෙම යන්නට යතැයි කිසිවකු නොසිතුවා සේම ඔහුගේ මරණ ගෙදරට ගිය නිහාල් ඊට පහුවදා ජීවිතයට ආයුබෝවන් කියා රහසේම ඇස් පියාගනිතැයි කවුරුත් හීනෙකින්වත් හිතුවේ නැත. ඊට සතියකට දෙකකට පළමුව හේම ශ්‍රී ද අල්විස් සිය ජීවිත ගමන නිම කළේය. කලාකරුවනට ගොඩවෙන්නට වෙලාවක් නැතුව ගිය, ධනපාල උඩවත්ත විතරක් හොස්ස පෙවූ මරණ ගෙදරක් ලෙස හේම ශ්‍රී ද අල්විස්ගේ දුක්ඛිත වියෝව පත්තරවල දිගට හරහට පළවුවද ඔහු කළ ගී පද රචනාවල වටිනාකම අදටත් මිල කරන්නට බැරිය. බොහෝ සොඳුරු ගී පද ශ්‍රී ලාංකේය සංගීත කලාවට තිළිණ කොට ඔහුද රහසේම යන්නට ගියේය.

ප්‍රවීණ ගායකයකු වූ ඩෙස්මන්ඩ් ද සිල්වා බයිලා සංගීතය විස්මිත ලෙස උඩු යටිකුරු කළ නොම්මර එකේ ගායකයෙකි. ‘යන්න රට වටේ එන්න මා ප්‍රියේ’ කියමින් ඩෙස්මන්ඩ් ගී ලොව ඔකඳ කළ ආකාරය කෙසේ නම් අමතක කරන්නද? විශාරදත්වයෙන් පරිපූර්ණ වූ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ මරණය කිසිවකුට අදහාගන්නට බැරි විය. තව බොහෝ කාලයකට සින්දු රසයෙන් ගීත ලොව අලංකාර කරන්නට උන් කන්කලු හඬකට උරුමකම් කියූ නීලා දිවි මඟට තිත තබා යන්නට ගියේ හොරු අරන් ගිය තාලෙටය. කලාකරුවන්ට 2022 අවුරුද්ද හොඳ නැති බව හෝ අසුබ බව කියන්නට ‘රන් ටිකිරි සිනා’ සින්දුවෙන් මුළු රටම පිනවූ නීලා වික්‍රමසිංහගේ හදිසි මරණය හොඳටම ප්‍රමාණවත් නොවේද?

ඒ ගායක ගායිකාවන්ගේ හදිසි සමුගැනීම් තුළ 2022 කලඹාලූ දුක හිතෙන සිදුවීම්ය. ගායක ගායිකාවන් පමණක්ම නොවේය. අතිදක්ෂ ප්‍රවීණ නළුවෝද ජීවිත සිනමාවෙන් සමුගෙන යන්නට ගියහ. දුෂ්ට චරිත නිරූපණයන්ටද හරි හරියට දායකත්වය දුන්, සිංහල සිනමාවේ ප්‍රබලම සටන් නළුවකු වූ රොබින් ප්‍රනාන්දු සිය දිවි ගමනට ආයුබෝවන් කීවේ 2022 අවුරුද්දේය.

රොබින් ප්‍රනාන්දු ගැන අටුවා ටීකා කියන්නට හෝ ලියන්නට මොනවට කාලය වැය කරන්නද? බෝල්පොයින්ට් පෑනේ කාබන් ටික හිඳෙනතුරු ඔහු ගැන වර්ණනා පෙළගැසීමටද අවශ්‍ය නැත. කිසිදුම සටන් නළුවකුට දෙවැනි නොවූ ශ්‍රී ලාංකේය සිනමාවේ අංක එකටත් ඉහළින් තැබිය හැකි ප්‍රධානම සටන් නළුවා ඔහුය. බොලිවුඩයේ අමිතාබ් බච්චන්ගේ ටයිප් එකට රැවුලත් කොණ්ඩයත් සකසන්නට ප්‍රිය කරපු රොබින් මියෙන තුරුම තම කඩවසම් ප්‍රතිරූපය එලෙසම තබාගෙන සිටියේය.

‘දන්නවද… රොබින් ෆර්නැන්ඩු නැතිවෙලාලු…?’ කියා ඔහු මියගිය ආරංචිය එදා යම් මාධ්‍යවේදියකු සිය ප්‍රධාන කතුවරයාට කියනකොටම, ‘අයියෝ එහෙමද…?’යැයි කියා ස්වල්ප මොහොතකට පසුව එම කර්තෘවරයා,

‘කොහොමද සිරිපාල සහ රන්මැණිකා එකේ රොබින් කෝච්චියෙන් පැන්න පැනිල්ල…?’ යනුවෙන් පවසා ඇත්තේ දෑසද විසල් කොට දෙතොලද උජාරුවට ඇද කරවමිනි.

එය අතිශයෝක්තියක් නොව ඇත්ත කතාවකි. ඒ ඇත්ත කතාවේ ගැබ්ව තිබූ වර්ණනාවද කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන්නේය.

රොබින් ප්‍රනාන්දු යනු අතිවිශිෂ්ට සටන් නළුවෙකි. ඉතින් වයස අවුරුදු හැත්තෑව පැන්නා යැයි කිව්වද ඔහු පෑ රංගන කලාවට ප්‍රිය කළ ප්‍රේක්ෂකයන්ට ඔහුගේ මරණය ඇත්තෙන්ම දුකකි. සිංහල චිත්‍රපට කලාවේ බොහොමයක් වූ ෆයිට් සීන්වල රොබින්ගේ ප්‍රධාන සහායකයාට හෝ එහෙමත් නැත්නම් රොබින්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස සිටියේ විල්සන් කරුණාරත්නය. බොහෝ දෙනා ඔහුව අමතන කෙටි නාමය වූයේ ‘විල්සන් කරු’ය. ටයිටස් තොටවත්ත අමුතුම තාලෙට හදාපු ‘රන් කහවණු’ ටෙලි නාට්‍යයේ රෙක්ස් කොඩිප්පිලි, ‘කරු ක්ලෝස් ද ඩෝ…’ කියා විල්සන් කරුට මඳක් තදින් කියන සීන් එකක් තිබිණි. ඒ, එක්දහස් නවසිය අසූ ගණන්වලය. ඒ කාලේ ගැටවර කොල්ලො කුරුට්ටෝ විල්සන් කරුට මඟ තොටේ මුණගැසුණු විටෙක, ‘කරු ක්ලෝස් ද ඩෝ…’ කියන්නට පටන් ගෙන තිබිණි.

විල්සන් කරුණාරත්න ගැන එච්චර ලොකු විස්තරයක් කිව්වේ රොබින් ප්‍රනාන්දු සමග ඔහුද නැවත නොඑන්නටම 2022 අවුරුද්දේ යන්නට ගිය නිසාය. වාණිජ රැල්ලේ දහසකුත් එකක් චිත්‍රපටවලදී රොබින් සමග හරි හරියට පෑහුණු විල්සන් කරු, හිටි අඩියේම සදාකාලික නින්දට මැදි වුණේ එලොවදීද රොබින්ගෙන් ගේම ඉල්ලන්නට වාගේය. ඒ, තවත් අතිදක්ෂ චිත්‍රපට නළුවකු මරණයට පරාද වූ ශෝචනීය සිදුවීමය.

2022 සිදුවූ කලාකරුවන්ගේ ශෝචනීය වියෝවන් අතර ටෙලි කලාව දැඩිව කම්පනයට පත් කළ අවාසනාවන්තම සිදුවීම වූයේ දර්ශන් ධර්මරාජ්ගේ අකාල මරණයය. නවරියන් ආරෝහ පරිණාහ දේහයකින් යුතු කාළ වර්ණ කඩවැස්මකින් හෙබි දර්ශන්, කලා ලෝකයේ කාගේත් සිත්ගත් නළුවකු විය. ඔහු සතු දක්ෂ රංගන ශෛලිය ගැන මොනවට කතා කරන්නද? දර්ශන්ට තව යන්නට තිබුණු දුර ප්‍රමාණයක් නැති තරමට අප්‍රමාණ විය. බොහෝ විට කියනවා නම් මේ තරුණ කලා ශිල්පියා තම රංගන ජීවිතය තුළ එළිකරගන්නට සූදානම් වුණා පමණය. නිරංජනී ෂන්මුගරාජලා සහ බිමල් ජයකොඩි වැනි කලාකරුවන් කඳුළු සලා ඉකි ගසමින් හඬන්නට තරම් දර්ශන්ගේ අකම්පිත මරණය කලා ලෝකයට අතිවිශාල පාඩුවක් විය. ඔහු සංවේදී අතිදක්ෂ ආදරණීය මිනිසකු එතරම් ඉක්මනට ජීවිතය හැර ගියේ ඇයිද යන්න ඔහුට ඇලුම් කළ සෑම අයකුම සිතන තරමට දර්ශන් කාගේත් සිත් දිනාගත් අසාමාන්‍ය වූ කුසලතාවලින් සපිරි කලාකරුවකු විය.

කොයි මට්ටමේ කෙරුම්කාරයාට වුවද මරණය අත වනන විට ‘අද බැහැ, තව ටිකක් කල් දෙන්න..’ කියන්න බැරිවා සේ හොඳ වයසේදීම දර්ශන් ධර්මරාජ්ටද මරණය අඬහැසුවේ 2022දී ඔහුට 40 වසර පිරෙන විටමය.

ඒ, 2022 වසර අසීමිතව කම්පාවට බඳුන් වූ ශෝකජනකම තවත් එක් මරණයක් විය.

විනෝද සමයට අතිවිශාල දායකත්වයක් දුන් බර්ටි ගුණතිලකව මේ මොහොතේ අමතක කිරීම අසාධාරණය. මියයන විට වයස අවුරුදු 90 පසුකර සිටියද රෝද පුටුවක අවසාන කාලය ගෙවූවද බර්ටිගේ මරණය සඳහන් කර මුහුණු පොතේ මුදාහැරුණු පෝස්ටුවට සිය ගණන් කමෙන්ට්ස් වැටුණේ ප්‍රේක්ෂකයන්ව හිනස්සන අමාරුම කාර්යය ඔහු හරි කදිමට කළ නිසාය. අද ප්‍රේක්ෂකයන්ව හිනාගස්සන්න බොරු විහිළුකාරයන් දඟලන විකාරරූපී බව දකින විට බර්ටිලා ගැන කියන්නට වචන නැත.

ඉතින්, කලාකරුවන් එක පෙළට අවසන් නින්දට ගෙන ගිය 2022 අවුරුද්ද නිමාවට පත්වීමට ඇත්තේ තව සුළු දවස් ගණනකි.

ඒ දවස් ගණන තුළ කිසිදුම කලාකරුවකුට විපතක් නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

එලෙසම එළැඹෙන 2023 අවුරුද්ද සියලු කලාකරුවන්ට යහපත සෞභාග්‍යය උදාවන වසරක් වේවා යැයිද සෙනෙහසින් පතන්නෙමු.
සුබ නව වසරක් වේවා…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අකුරණ සුනාමියේ හඬවන කතාව…

Next Post

බස් මෑන්, සී.ටී.බී. රියදුරා කියලා ජ.වි.පෙ. සජිත්ට ගහපු ගැහිල්ල දුරදිග යයි! අවිස්සාවේල්ලට ගියාම මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි! සල්ලි එකතු කරලා සුපිරි පක්ෂ කාර්යාල හදන එකයි, පක්ෂෙට ලැබෙන සල්ලිවලින් දරුවන්ට සේවය කරන එකත් ඇදිලා එයි! (VIDEO & PHOTOS)

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.