• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

1953 හර්තාලය! 1973 ඩඩ්ලි මරණය! 1983 කළු ජූලිය! 1993 ප්‍රේමදාස-ලලිත් ඝාතනය! 2003 රනිල්ගේ ආණ්ඩුවේ වැටීම! 2023? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 31, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
1953 හර්තාලය! 1973 ඩඩ්ලි මරණය! 1983 කළු ජූලිය! 1993 ප්‍රේමදාස-ලලිත් ඝාතනය! 2003 රනිල්ගේ ආණ්ඩුවේ වැටීම! 2023? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘3’ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එතරම් හොඳ ලකුණක් නොවේ. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකු පෙරළි සිදුවී ඇත්තේ අගට තුනේ ඉලක්කම එන වර්ෂයෙනි. මේ පෙරළිය පටන් ගත්තේ 1953නි. ලංකාවේ ලොකුම හර්තාලය පටන්ගත්තේ 1953දීය. හර්තාලය එන විට අගමැති ධුරයේ සිටියේ ඩඩ්ලි සේනානායකය. ඩී.ඇස්. සේනානායක මියගියාට පසු අගමැති ධුරයට යූ.ඇන්.පී. ආණ්ඩුව තුළ බෙදීමක් ඇතිවිය. ඩී.ඇස්.ගේ පුත් ඩඩ්ලි සහ සර් ජෝන් අතර අගමැති දුරයට ගැටුමක් ඇතිවිය. එතැනදී ජේ.ආර්. මැදිහත් වී ඩඩ්ලිට අගමැති ධුරය අරන් දුන්නේය. ඒත් ඩඩ්ලි අගමැතිකම කළේ සර් ජෝන්ගේ කෙනෙහිලිකම් මධ්‍යයේය. හර්තාලය මර්දනය කරන්න පොලිසිය යෙදවූ අතර එක් අයකුට වෙඩි වැදිණි. ඩඩ්ලි වහාම ඝාතනයේ වගකීම භාරගනිමින් අගමැති ධුරයෙන් ඉවත් විය. සර් ජෝන් අගමැති විය. සර් ජෝන් අගමැති වී යූ.ඇන්.පී.යත් ආණ්ඩුවත් මහජනතාව අතර අප්‍රසාදයට පත් කළේය. 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අතිවිශිෂ්ට ජයක් ලැබුවේ 1953 හර්තාලයත් ඩඩ්ලි ඉවත් වී සර් ජෝන් අගමැති වීමත් නිසාය.

1963දීත් අරුම පුදුම දෙයක් විය. එනම් සමාජවාදී ආණ්ඩුවක් හදනවා කී ලංකා සමසමාජ පක්ෂය පළමු වරට ආණ්ඩුවකට එක්වී ඇමැති ධුර භාරගැනීමය. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එක්වූ ඇන්.ඇම්.ලා සහ කොල්වින්ලා ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු වූහ. 1964 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව වට්ටවමින් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වූ සී.පී. ද සිල්වා යූ.ඇන්.පී.යට එක්වූයේ මැතිනියගේ හවුල් ආණ්ඩුව නිසාය.

1973දී රට වෙනස් කළ සිදුවීමක් සිදුවිය. එනම් යූ.ඇන්.පී. නායක ඩඩ්ලි සේනානායක මියයෑමය. ඔහු මියයන්න පෙර ඔහු සහ විපක්ෂ නායක ජේ.ආර්. අතර දරුණු බෙදීමක් ඇතිවිය. ජේ.ආර්.ට එරෙහිව ක්‍රියා කරන්න යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට තිබිණි. එහෙත් පසුව ජාඇල යූ.ඇන්.පී. සංවිධායක පාරිස් පෙරේරාගේ නිවෙසේදී ජේ.ආර්. සහ ඩඩ්ලි හමුවී ගැටුම සමථයකට පත්කර ගනු ලැබීය. ඩඩ්ලි මියගියේ ඉන් පසුවය. ඔහුගේ අවමඟුලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ආහ. එය කොළඹට ආ වැඩිම සෙනඟ ලෙස වර්තා පිහිටුවීය. අවමඟුල නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට අවසර ඉල්ලා සිටියත් මැතිනියගේ ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැත. මේ නිසාම මැතිනියට රට පුරා ලොකු විරෝධයක් ඇතිවිය. ජේ.ආර්.ගේත්, යූ.ඇන්.පී.යේත්, රටේත් දේශපාලනය වෙනස් වූයේ 1973 සිදුවූ ඩඩ්ලිගේ මරණයෙන්ය.

1983 භයානකම වසරක් විය. ලංකාවම දශක තුනකට ආසන්න යුද්ධයකට මැදි කළ ශාපලත් යුද්ධය පටන් ගත්තේ 1983දීය. එය හැඳින්වූයේ කළු ජූලිය ලෙසය. උතුරෙන් ප්‍රභාකරනුත්, දකුණෙන් විජේවීරත් හිස ඔසවන්නේ ඒ කළු ජූලිය නිසාය. ජේ.ආර්.ගේ ආණ්ඩුව කළු ජූලිය ජ.වි.පෙ. මත පටවා ජ.වි.පෙ. තහනම් කරනු ලැබීය. 83 රටම ගිනිබත් වූවා පමණක් නොව ජාත්‍යන්තරයෙන් ලංකාව කොන් විය.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාසට රටේ රාජ්‍ය නායකත්වයට යන පාර කැපුණේත් 1983න්ය. 1983 කළු ජූලිය නිසා උතුරේ ඇති වූ යුද්ධයත්, ජ.වි.පෙ. තහනම් කළ නිසා දකණේ ඇතිවූ භීෂණයත් නිසා ජේ.ආර්. තෙවැනි වරටත් ජනාධිපති ධුරයට තරග කරන අදහස අතහැර ප්‍රේමදාසට අපේක්ෂකත්වය දුන්නේය.

ඊළඟට එන්නේ 1993ය. 1993 වසර 53, 63, 73, 83 මෙන් නොව ලංකාවට භයානකම වසරක් විය. රටේ රාජ්‍ය නායකයා වූ ප්‍රේමදාස ඝාතනය වූයේ 1993දීය. මීට පෙර එවැනි ඝාතනයක් සිදුවූයේ 1959දීය. ඒ, බණ්ඩාරනායක ඝාතනයය. ඉන් පසු පළමු වරට රාජ්‍ය නායක ඝාතනයක් සිදුවූයේ 1993දීය. එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝමබකාරයෙක් ප්‍රේමදාස ඝාතනය කළේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කොට හරියටම සතියකට පසුවය. ලලිත්ව ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ. තුවක්කුකාරයෙකි. ප්‍රභාකරන්ට ඕනෑ වුණේ පළමුව ලලිත්ව ඝාතනය කොට ඒ ඝාතනයේ වගකීම ප්‍රේමදාස මත පටවා ප්‍රේමදාසව ඝාතනය කිරීමටය. ලලිත්ව ඝාතනය කළ විට එවක විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය සහ ලලිත්-ගාමිණී පක්ෂය ඝාතනය ප්‍රේමදාස පිට පටවා ලලිත්ගේ අවමඟුල ප්‍රේමදාස විරෝධී ජන රැල්ලක් බවට පත් කළහ. හැමෝම මවිතයට පත් කරමින් ප්‍රේමදාස මහ මඟදී ඝාතනයට ලක් විය. ලලිත් සහ ප්‍රේමදාස ඝාතනය මුළු රටටම ෂොක් එකක් විය. අවසානයේ මේ ඝාතනය පාර කැපුවේ කොහේවත් සිටි චන්ද්‍රිකාට බලය අරන් දෙන්නටය. ලලිත් සහ ප්‍රේමදාස ඝාතනය වූ විට ජනාධිපති ධුරයට පත් විජේතුංග හිතුවේ තමාගේ හිස මතට ශ්‍රේෂ්ඨත්වය කඩාගෙන වැටුණා කියාය. අගමැති වූ රනිල් හිතුවේ තමා ජනාධිපති වෙන්න ඔන්න මෙන්න කියාය. ගාමිණී හිතුවේ තමා 1988දීත් හීන මවපු ජනාධිපති ධුරය තම දෙපතුළ ළඟටම ආවා කියාය. ශ්‍රීලනිපයේ අනුර හිතුවේ තමාට ජනාධිපති වෙන්න පාර කැපුණා කියාය. ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය හිතුවේ මියයෑමට පෙර තමාට ජනාධිපති පුටුවෙ වාඩිවෙන්න වාසනාව තියෙනවා කියාය. ඒත් අන්තිමේදී ජනාධිපති වූයේ චන්ද්‍රිකාය.

53, 63, 73, 83, 93 වගේම 2003ත් ලංකාවේ ලොකු පෙරළියක් කළ වසරකි. 2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටිණි. රනිල්, චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ සිටියදී ආණ්ඩුවක් පිහිටුවීය. අගමැති වූ වහාම රනිල් එල්.ටී.ටී.ඊ.ය සමග සාම සාකච්ඡා ආරම්භ කළේය. එහෙත් ලංකාව පමණක් නොව ජාත්‍යන්තරයත් මවිතයට පත් කරවමින් එල්.ටී.ටී.ඊ.ය 2003 අප්‍රේල් සාම සාකච්ඡා මේසයෙන් ඉවත් විය. ඉවසුවා ඇති කියා චන්ද්‍රිකා සහ ශ්‍රීලනිපය මහා ජන ගඟක් කොළඹට ගෙන එනු ලැබීය. 2003 නොවැම්බරයේ රනිල් ඇමෙරිකාවේ ගොස් සිටියදී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරාගත්තේය. රනිල්ගේ ආණ්ඩුව හොම්බෙන් ඇදගෙන වැටිණි. චන්ද්‍රිකා ජ.වි.පෙ. සමග සන්ධානගත වෙන්න තීරණාත්මක සාකච්ඡා පැවැත්වූයේද 2003 අගය. එක්සත් ජනතා නිදහස් සන්ධානය කරළියට ආවේ එහි ප්‍රතිඵලයක් ලෙසය. චන්ද්‍රිකා මේ සන්ධානය හැදුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට හෝ විධායක අගමැති වී තවත් වසර 6ක් රට පාලනය කරන්නටය. ජ.වි.පෙ. මේ සන්ධානයට ගියේ තමන්ට අවශ්‍ය නායකයෙක් ජනාධිපති කරගෙන ඔහුව රූකඩයක් කර නටවන්නටය. මේ දෙකම වුණේ නැත. චන්ද්‍රිකා 2003 අමාත්‍යාංශ පවරාගෙන සන්ධානය හැදීමෙන් සිදුවූයේ චන්ද්‍රිකාගේත්, ජ.වි.පෙ.ත් පරම හතුරා වූ මහින්ද අගමැති වී ජනාධිපති වීමය. අවසානයේ මහින්දව ජනාධිපති කරන සටනට නායකත්වය දුන්නේ ජ.වි.පෙ.ය.
ඊළඟට එන්නේ 2013ය. 2013ත් අමතක කරන්න පුළුවන් වසරක් නොවේ. ජනාධිපති මහින්ද අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව දෝෂාභියෝගයකින් ඉවත් කළේ 2013 ජනවාරියේය. මේ වෙනකොටත් මහින්දගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයක් නොවීය. ශිරාණිට එරෙහි දෝෂාභියෝගයෙන් නීතිඥවරු රට පුරා රාජපක්ෂ විරෝධය දියත් කළහ. සෝභිත හිමි එයට නායකත්වය දුන්හ. ලංකාවේ සිවිල් සංවිධාන බිහිවී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එළියට බහින්නේත් පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතිකාවක් ආරම්භ වන්නේත් 2013 ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයෙන්ය.

දැන් ඇවිත් තියෙන්නේ 2023ය.

‘2023 මොනවා වෙයිද…?’

කියන්න දන්නේ නැත. තුන කියන්නේ නායකයන්ට මාරක වසරකි. දේශපාලනයේ පෙරළිකාර වසරකි. රටට අලුත් රාජ්‍ය නායකයන් බිහිකරන වසරකි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ බිහිවුණේ තුනෙන් අවසන් වන වසරේ පෙරළියකිනි.

‘ඒ කියන්නේ 2023 රටට අලුත් රාජ්‍ය නායකයෙක්, අලුත් ආණ්ඩුවක් හිමි වෙයිද…?’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනමතයත් එක්ක ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා! කොමිසමත් ඉන්නේ ආණ්ඩුවත් එක්ක කුමන්ත්‍රණයක! ඡන්දෙ කල්දාන්න ලෑස්ති වුණොත් ඒක පරද්දන්න අපි සූදානම්! (VIDEO)

Next Post

බාල්දු වීම අතින් ලංකාව ලෝකයේ 4 වැනි තැනට එයි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.