• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වලාකුළු මැද බැබළෙන අලගල්ල

January 15, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
වලාකුළු මැද බැබළෙන අලගල්ල
Share on WhatsAppShare on Facebook

කොළඹ- නුවර පාරේ මාවනැල්ල පහුකරගෙන යන කෙනකුට එහෙමත් නැත්නම් කෝච්චියෙන් රඹුක්කන පහුකරගෙන කඩුගන්නාව පැත්තට එන කෙනකුට හොඳට දැකල පුරුදු කන්දක් නඟින්නයි අද අපේ සූදානම. ඒ තමයි අලගල්ල කන්ද. මේ කන්ද නඟින්න පාරවල් දෙකක් තියෙනවා. කෝච්චියෙන් එන කෙනකුට කඩිගමුව දුම්රිය ස්ථානය පහුකරලා මුණගැහෙන ගංගොඩ දුම්රිය ස්ථානයෙන් බැහැලා කන්ද නඟින්න පුළුවන්. එහෙම නැත්නම් එන්න වෙන්නෙ මාවනැල්ල- රඹුක්කන පාරෙන් හැරිලා ගංගොඩට ඇවිත්. ඒ පැත්තෙන් කන්ද බහින්න හිතාගෙන අපි තෝරාගත්තෙ කඩුගන්නාව, පොත්තපිටිය පැත්තෙන් වැටිල තියෙන අනෙක් පාර.

නඟින්න පටන් ගන්න කලින් කන්ද ගැන දන්න තොරතුරු ටිකක් කියල හිටියොත් හොඳයිනේ. කෑගල්ල දිස්ත්‍රික්කයත්, මහනුවර දිස්ත්‍රික්කයත් වෙන් කෙරෙන සීමා මායිම වැටිලා තියෙන්නෙ මේ කන්ද මුදුනෙන්. කන්දේ උසම තැන මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3390 ක් විතර වෙනවා. ඉස්සර කාලෙ අලගල්ල කන්ද හඳුන්වලා තියෙන්නෙ චිත්‍ර පබ්බත කියන නමින්. ඒ වගේම අපේ රටේ මුල් පදිංචිකරුවන් හැටියට කියවෙන වැදි ජනතාවත් මේ කන්ද ඇසුරු කරගෙන ජීවත් වුණු බව කියනවා. ඒ විතරක් නෙවෙයි. ඉංග්‍රීසි ජාතිකයන් ඇතුළු විදේශිකයන් උඩරට ආක්‍රමණය කරන කාලෙදි ස්වාභාවික ආරක්ෂක පවුරක් විදියටත් අලගල්ල කන්ද වැදගත් වෙලා තියෙනවා.
කන්ද මුදුනට යන අඩි පාරේ මුල් කොටස ගහකොළවලට මැදින් වැටිල තිබුණු හින්දා ගමන තරමක් පහසුයි. හැබැයි එක එල්ලේම නැග්මකුයි තිබුණේ. වැහි දවසක නම් නඟින එක හරිම අමාරුයි. කලින් දවසේ පොඩි වැස්සක් වැහැලා තිබුණු හින්දා පාර තරමක් ලිස්සනවා. අද දවසෙ අව්ව හොඳට පායලා තිබුණත් ගස්වලින් ලැබුණු සෙවණ නිසාම ඒ තරම් රස්නයක් දැනුණේ නැහැ. ඒ හින්දම පාර වේළිලත් නැහැ. මෙහෙම ටිකක් මුදුනට ගිය අපි කැලෑව තිබුණු කොටසේ අවසානය දක්වා ආවා. කැලෑව ඉවර වෙනවත් එක්කම පටන් ගත්තෙ ඉළුක්, මානාවලින් පිරුණු පතනක්.

පතන අතරින් මතුවෙලා පෙනුණෙ කන්දේ උසම තැන. ඒ තමයි මහ ගල. කොඩිගල කන්ද නැත්නම් සිංහගල කියලත් එතෙන්ට කියනවා. ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන කාලෙදි මිනුම් කටයුතු කරන්න ආධාරක මිනුම් කණුවක් කන්ද මුදුනේ හිටවලා තිබුණු නිසාලු කොඩිගල කියලා හඳුන්වලා තියෙන්නෙ. ගල් කුළු කීපයක් තියෙන කන්දේ මුදුන පතන අතරින් මතුවෙලා පෙනෙන්නෙ සිංහයකුගේ මුහුණක හැඩයෙන්. සිංහගල කියන්නේ ඒ නිසයි. පතනේ කෙළවරට ආවට පස්සෙ ගල් පර්වතය දිගේ මුදුනට නඟින්නයි තියෙන්නෙ. බෑවුම නම් ගොඩක්ම තදයි. වම් පැත්ත එක් එල්ලේම අඩි දාහක විතර බෑවුමක්. පල්ලමේ පෙනෙන්න තිබුණෙ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. රේල් පාරත් නුවර පැත්තට යන කෝච්චියකුත් අපට කුඩාවට දැකගන්න ලැබුණා.

දැන් තමයි නැග්මේ අසීරුම කොටස. කකුල් දෙක විතරක් නෙවෙයි අත් දෙකත් බිම තියාගෙන අපි ගල් තලාව දිගේ මුදුනට නැග්ගා. නැග්මේ අවසාන ටික තවත් අමාරුයි. ගල්කුළු කීපයක් මැදින් පුංචි කපොල්ලකින් තමයි ඉහළට යන්න තිබුණේ. එතැනට කියන්නෙ සිංහ කට කියලා. මේ පැත්තෙන් මුදුනට නඟින්න තියන එකම තැන තමයි සිංහ කට කපොල්ල. ඒ මැදින් පහළට කඹයක් සවි කරලා තිබුණෙ නඟින්න පහසු වෙන්න. කඹයේ එල්ලිලා ගලෙන් ගලට අඩිය තියලා මුදුනට යන්න ඕනෑ ගොඩක් ප්‍රවේශමෙන්.

මහ ගල මුදුනෙ ඉඳලා අවට බලද්දී දර්ශනය හරිම ලස්සනයි. බතලේගල, ඌරාකන්ද, අම්බුළුවාව වගේ කඳුත්, දොළොස්බාගෙ කඳුවැටියත්, හන්තාන හා නකල්ස් වැටියත් මෙතැන ඉඳන් දැක බලාගන්න පුළුවන්. ළඟින්ම පෙනෙන්නෙ උතුවන්කන්ද. බතලේගලට පහළින් අර්ධ කවයක හැඩයෙන් පෙනෙන පර්වතය තමයි දෙවනගල. ඒ මුදුනේ දාගැබත් කුඩාවට දැකගන්න පුළුවන්. කඳු, හෙල්, මිටියාවත් අතරෙ තියෙන ගම්මාන, කුඹුරු යායන් ලස්සනට පෙනෙනවා.
සිංහ කට ළඟින් පහළට බැහැලා ඉහළ කෝට්ටේ පැත්තට තියෙන බෑවුම හරහා වැටුණු අඩි පාරෙන් මහ ගල පහුකරලා අනෙක් කෙළවරේ තියෙන පූජා ගලට යන්න පුළුවන්. සිංහ ගලෙන් පහළට බහින්නත්, නඟින්නත් තවත් පාරක් තියෙනවා. ඒ පැත්තට තියෙන්නෙ තද බෑවුමක්. කටුසු කොන්ද කියලයි කියන්නේ. මුදුනෙ ඉඳලා දෙපැත්තට ලොකු ප්‍රපාතයක් තියෙන නිසයි කටුසු කොන්ද කියන්නෙ.

අපි සිංහ කටෙන්ම පහළට බැහැලා කන්දේ බෑවුම හරහා පූජා ගලට යන්න පටන් ගත්තා. තද බෑවුමට ගොඩක්ම ළඟින් තමයි පාරෙ මුල් කොටස වැටිල තියෙන්නේ. අඩි පාර දෙපැත්තෙ ගොඩක් තැන් ගහ කොළවලින් වැහිල තිබුණෙ දෙපැත්තේ බෑවුම නොපෙනෙන තරමට. එළිමහන් තැනුත් නොතිබුණා නෙවෙයි. සමහර තැන්වලදී සමතලා පොළොවෙත්, තවත් තැනක පොඩි කඳු හෙල් නැඟගෙන බැහැගෙනයි යන්න තියෙන්නේ. මෙහෙම කිලෝමීටරයකටත් වැඩි දුරක් ඇවිදලා පූජා ගල පෙනෙන මානයට එන්න අපට පුළුවන් වුණා.

ටිකක් ඈතදීම දකින්න ලැබුණෙ පූජා ගලේ තියෙන චෛත්‍යයි. පුංචි වනාන්තර කොටස පහුවෙනවත් එක්කම පූජා ගලයි මුණ ගැහෙන්නේ. පූජා ගල මුදුනෙදී දැකගන්න ලැබෙනවා කාලෙකට ඉස්සර ගලේ කොටපු සිරි පතුලක්. වැහි නැති කාලෙට මේ ගල මුදුනෙදි පිරිත් කියලා වැහි ලබා ගත්තු බව කියනවා. ඒ හැම දේම හින්දා වෙන්න ඇති පූජා ගල කියන්නේ. අද මේ කඳු මුදුනේ තියෙන චෛත්‍යය මෑත කාලෙකදියි හදලා තියෙන්නෙ. චෛත්‍යය ඇතුළෙදි පිළිම වහන්සේලා වගේම චිත්‍රත් දැකගන්න පුළුවන්. පබ්බතාරාමය කියලයි මේ විහාරයට කියන්නේ. පෝය දවසට ගොඩක් අය විහාරය වඳින්නත් එක්ක කන්ද මුදුනට එන බව අපට දැනගන්න ලැබුණා. පූජා ගලේ ඉඳලත් අවට දර්ශනය හරිම චමත්කාරජනකයි.

පූජා ගල මුදුනේ පැයක් විතර ගත කරපු අපි ආපහු කන්ද බහින්න පටන් ගත්තෙ අනෙක් පාරෙන්. ඒ කියන්නෙ ගංගොඩ දුම්රිය ස්ථානය පැත්තට තියෙන පාර. පූජා ගලේ කෙළවරෙන් තමයි ඒ පාර පටන් ගන්නෙ. තද බෑවුමකයි බහින්න තියෙන්නේ. සමහර තැන් වැහි වතුරෙන් සෝදාගෙන ගිහින්. අපහසු තැන් කීපයකම සිමෙන්තියෙන් පඩි පේළි හදලා තිබුණා. මුදුනේ පන්සල හදනවත් එක්කම තමයි මේ විදියට පඩි පේළි හදන්න පටන් අරන් තියෙන්නෙ. නැත්නම් ගල්, වැලි, සිමෙන්ති වගේ දේවල් මුදුනට ගෙනියන එක හරිම අමාරු වැඩක්. ඒත් සමහර තැනක ගල් මුල් අල්ලගෙන තමයි බහින්න වුණේ. අපිට දැනුණු විදියට නම් පොත්තපිටිය පැත්තෙන් නැඟලා කන්ද දිගේ ඇවිදගෙන ඇවිත් මේ පැත්තෙන් බහින එකයි වඩාත් ලේසි. ඒ කොහොම වුණත් අලගල්ල කියන්නෙ කඳු නඟින්න කැමැති අයට යන්න හොඳම තැනක්. එක වෙලාවක ගමන ටිකක් ත්‍රාසජනකයි. තවත් වෙලාවක ගමන පහසුයි. කඳු මුදුනේ පරිසරයත් හරිම සුන්දරයි. දවසක් ගත කරන්න පුළුවන් ලස්සන තැනක් තමයි අලගල්ල කඳු මුදුන.
මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

රන්ජන් පිටිපස්සේ ‌මෛත්‍රීපාල

Next Post

චීන ඇමැතිගෙන් ‌ගෝඨා සහනයක් ඉල්ලලා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.