ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සංවර්ධන හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් තමන්ට ඇති අමාත්‍ය බලතල යටතේ අද (14) දිනයේදී මෙම පත්කිරීම සිදුකිරීමට කටයුතු කොට තිබේ.
වසරක කාලයකට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කොට ඇත.

ඉරාජ් වීරරත්න මහතා පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයකු ලෙස ප්‍රකටය.










