රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී ඇති රාමනායක මහතාගේ හඩපට මුල් කරගෙන එජාපය මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් අවසානයකට එන තෙක් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාපය තීන්දු කර ඇත.










