• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා…

December 19, 2022
in Exclusive, Heart
Reading Time: 5 mins read
A A
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා…
Share on WhatsAppShare on Facebook

‘2022 අවුරුද්ද කලා තරුවනට අපලය’ කියන කියමන මොනවට සනාථ කරමින් තවත් නමගිය කලා ශිල්පීන් දෙදෙනකු අවසන් ගමන් යන්නට ගියේය. හින්දි ගී කලාව සිංහල සංගීත කලාව තුළ ජනප්‍රිය කරවන්නට උරදුන් නුවන් ගුණවර්ධන සහ බයිලා කලාවේ කිරුළු පලන් නිහාල් නෙල්සන් එකී අවසන් ගමන සඳහා දින නියම කරගෙන තිබුණු ආකාරයෙහි කතා කරන්නට යමක් තිබුණේය. මේ ජනප්‍රිය ගායකයන් දෙදෙනා මරණය සමග කළ ගනුදෙනුවෙහි කාලය වෙනස් වූයේ දවස් එකහමාරකින් පමණක් වීම ඒ කතා කරන්නට තිබුණු යමක් තිබෙන කතිකාවෙහි එක් කාරණයක් විය.

එක දවසක එක වෙලාවක නුවන් ගුණවර්ධනගේ දේහයට ගෞරව දක්වන්නට පැමිණි නිහාල් නෙල්සන් සිය සහෝදර ශිල්පියාගේ දෙණ බලා සිටින ඡායාරූපයක් මාධ්‍යවල කිහිප ආකාරයකින් පළවී තිබිණි. පළව තිබූ ඒ සේයාරූවල නිහාල් නෙල්සන් සුපුරුදු ප්‍රියමනාප පෙනුම සමග සිටින අන්දම කාගේත් නෙත ගැටිණි. පුදුමය කියන්නේ ඒ ගමනට සහභාගි වී ගෙවෙන ඊළඟ රාත්‍රියේදී හෙතෙම සද්දයක් නැතුවම මරණය සමග සිය ජීවිතයේ අවසාන හෝරා කිහිපයට අස්සන ගසා තිබිණි. හරියටම අනේ එය සිදුවූයේ, තනියම යන්න එපා මචං. යමු මමත් එන්නම්…’ ය කියා නුවන් ගුණවර්ධනගේ තනි නොතනියට එන්නට කතා කරගත්තා වාගේය.

‘නිහාල් අංකල් එක්කම පරිස්සමට ගිහින් ඉන්න තාත්තේ…’ කියලා නුවන්ගේ පුත්‍රරත්නය තාත්තාට සමුදෙන අවසන් මොහොතේදී කී දුක හිතෙන කතාවටද මාධ්‍යවල තටු ලැබී තිබුණේය.

මතක හැටියට අසූව දශකයේ නුවන්ගේ ගැඹුරු ගී හඬට ගැහැනුන් බොහෝ උමතුව සිටියේ වයස් භේදයක් නැතිවමය. ඔහු හරි අගේට ජනප්‍රිය හින්දි සින්දුවලට තාලය ඇල්ලුවේය. එළිමහන් සංගීත ප්‍රසංගවලදී මොහොමඩ් රාෆිගේ සින්දුවක් නොකියා වේදිකාවෙන් බැස යන්නට රසික රසිකාවියෝ ඔහුට ඉඩ දුන්නේ නැත. ඒ අතරට ‘කඳුළින්ම ලියූ පෙම් ගීතේ…’ සින්දුවද හොඳ පදමට පෙම්වතුන්ගේ සිත් අමන්දානන්දයට පත්කොට තිබුණේය. නුවන් එය සිය ගැඹුරු ශෛලියෙන් කියාපාන විලාසයද එම ගීතයෙහි ජනප්‍රියත්වයට හේතුවක් විය.

ගැහැනු සිත් උමතු කරවන හැඩිදැඩි අයෝමය පිරිමි පෙනුමක් නොතිබුණද නිහාල් නෙල්සන් නම් ගායකයා ගැනද කතා කරන්නට බොහෝ දෑ රසිකයනට තිබුණේය. කුඩා සිරුරක් හිමි මිනිසුන් කුමක් හෝ ශෛලියක් හරහා ජනප්‍රියත්වයට පත්වන්නේ යැයි පොත පතක කොතැනක හෝ සඳහන්ව තිබුණු කියමන බොරු නොකරමින් නිහාල් නෙල්සන් බයිලා කලාව තුළ අසීමිත ජනප්‍රියත්වයට පත්වූයේය.

රැලි කොණ්ඩය කර ළඟට කපන නිහාල්ගේ අමුතු ස්ටයිල් එක හැමදාමත් එහෙමම විය. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයකු වූ නිහාල් මයික් එක එහා මෙහා මාරුකරවමින් කරන අපූරු රංගනයට ඔහුව අසන නරඹන පිරිස ගැසූ විසිල් පහරවල් ඒ අවට ගම් සිසාරාද පැතිර ගියේය.

සින්දු කියන්න වේදිකාවට නඟින ඔහු පළමු සින්දුව කියන්නට කලින් ප්‍රේක්ෂකයනට කතාවක් කරන්නට අමතක කෙරුවේ නැත. අසන්නට ප්‍රිය බොහෝ කතාවන් සිය රසිකයන් හමුවේ තබන මේ අපූරු ගායකයා නිතර කියන එක් කතාවක මේ වචන ටික නොවරදවාම සටහන් විය.

‘සින්දුවක් දෙකක් කියලා මේ කමිස සාක්කුවට අපි නෝට්ටු ටිකක් දාගන්නෙ තමුන්නාන්සේලා හින්දයි. තමුන්නාන්සේලා අපට දෙන විසිල් පාර තමයි අපිව සින්දු ලිස්ට් එකට දාන්න මේ සංගීත සංදර්ශන සංවිධානය කරන මහත්වරුන්ට ගැම්ම දෙන්නේ. අපි ඔයාලව පිනවනවා. ඔයාලා අපිට කීයක් හරි හම්බකරගන්න උදව් කරනවා. ඒ හින්දා අපි කාලා ඇඳලා ලස්සනට ජීවත් වෙනවා….’

එහෙම කියලා මේ කදිම බයිලා රජා සංගීතය දෙන ගෲප් එක දිහාට හැරිලා,

‘හරි මහත්තයෝ පටන්ගමු අපි. රට කුඩුකරන කුඩු වසංගතය මට්ටු කරන සින්දුවෙන්ම…’ කියලා සිය අලංකාර වේදිකා රංගනයෙන් රසිකයන් ෆෝම් කරමින් මයික් එක දසත කරකවමින් සින්දු කියන්නට පටන් ගනියි.

ඇත්තටම කියනවා නම් නිහාල් නෙල්සන් යනු බයිලා රජෙකි. නොයෙක් ප්‍රසිද්ධ පුද්ගලයන් විවිධ වූ ක්ෂේත්‍රයන් හරහා විප්ලව කරද්දී නිහාල් බයිලාවලින් මහා විශාල විප්ලවයක් කරමින් රසිකයන්ව අපූරුවට තෘප්තිමත් කළේය. කතා කරන භාෂාවෙන් කියනවා නම් ඔහු බයිලාවෙන් මිනිස් සිත් ඔකඳ කළේය. එහෙමත් නැත්නම් ඔහුගේ සින්දු අසන්නට ප්‍රිය කරන මිනිසුන්ට පට්ට ආතල් එකක් දුන්නේය.

කොල්ලන්ට ඉල කඩාගෙන නටන්නට බයිලා කියන අතර ‘කරුණා සුවඳ තවරාලූ’ යනුවෙන් ඔහු ගැයූ මවු ගුණ ගීයද අතිශයින් ජනප්‍රිය වීම එක අතකට තරමක පුදුමයකි. එහෙම කියන්නේ බයිලාකාරයෝ බොහෝ විට මවු ගුණ ගැන සින්දු නොකී නිසා සහ එහෙම කියා ජනප්‍රිය නොවුණු නිසාය. මවු ගුණ ගී පමණක්ම නොව, කුඩුගහන කොල්ලන් වෙනුවෙන්ද, ගව මස් කන්න එපා කියාද නිහාල් සිය ශ්‍රාවක රසිකයන්ට අවවාද දුන්නේ බණ කියන ටයිප් එකට ගී පදවැල් එකතුකර එය හරි කදිමට හිතට වැදෙන ආට් එකටය.

නිහාල්ගේ බයිලා විප්ලවය දියත් වූයේ බොහොම නිහඬවය. ජනප්‍රියත්වය සොයා මාධ්‍ය පසුපස කවදාවත්ම ගියේ නැති නිහාල්ට මාධ්‍යවලින්ද පුද පඬුරු හෝ විශේෂ සැලකිලි ලැබුණේ නැත. උල්කාපාත වාගේ හදිසියේ පායා, හදිසියේ කඩාවැටෙන රියැලිටි තරුවලට අපේ මාධ්‍ය අද කාලේ ලොකු තල්ලුවක් දුන්නාට නිහාල් නෙල්සන්ලාට ඒ වාගේ පුංචිම පුංචි තල්ලුවක්වත් එදා ලැබුණේ නැත. නිහාල් නෙල්සන් කවදාවත් ඒ ගැන කම්පා වූයේ ද නැත. සම්භාව්‍ය මට්ටමේ ගායන ශිල්පීන් බයිලා කලාවට දොස් කීවද නිහාල් හැමදාමත් එච්.ආර්. ජෝතිපාල වාගේම සම්භාව්‍ය ගායක ගායිකාවන්ට ගරු කළේය. කිසි විටෙක කොතැනකවත් ඔවුන්ට විරුද්ධව කතා නොකළේය.

හැබැයි ඉතින් බයිලා කලාවට මහඟු සේවයක් කරපු සින්දු කැසට් සිය ගණනක් ගහපු මේ රසවත් බයිලා ගායකයා වෙනුවෙන් තව බොහෝ දෑ මේ රටට කරන්නට තිබිණි. ශ්‍රී ලාංකේය කියන නාමය හිමි මේ රටෙන් සිදුවූ යමක් නැති තරම්ය. තව බොහෝ කලා ශිල්පීන්ව මේ රටට අමතකව ගියා සේම නිහාල් නෙල්සන් කියන මේ අද්විතීය ගායකයාවද රටට අමතකව ගියේය. නමුත් නිහාල් කවදාවත් තමාට සලකන්නට ඕනෑ නේද කියා හෝ තමාට සැලකුවේ නැතය කියා දොස් පැවරුවේ නැත. හැම දේම වාගේ සිනහවෙන් දරාගත් නිහාල් මියෙන තුරුම මිනිසුන්ව සිය සංගීතයෙන් කුල්මත් කළේය.

බයිලා කලාව තුළ හැත්තෑව දශකයේ අග භාගයේ කතාබහට ලක්වන්නට ගත්ත නිහාල් 2022 වන තුරුම ඒ කතාබහ නිහඬ කොට දැමුවේ නැත. එළිමහන් ප්‍රසංග කලාවට නැතුවම බැරි විනෝදකාමී මේ සරල බයිලාකරු හැත්තෑව පැන්නත් නියමෙට තම බයිලා ගායනයට තාල ඇල්ලුවේය. වේදිකාව මත එහා මෙහා රැඟුවේය. රියැලිටි තරු පායා විත් එසැණින්ම බැස ගියද මේ රසවත් සින්දුකාරයා ප්‍රසංග කලාවේ ඔහුට හිමි තැන හැමදා රැකගත්තේය.

ඔහුගේ බයිලා විප්ලවය පුදුමාකාරය. විවිධ රසයෙන් අනූනය. එලෙසම අමුතු අමුතු විෂයන් තුළ ගෙතුණු ඒ ගී කලාව මිහිරි විය. කොත්තු රොටියටත් ඒ ගී ලොව තැන ලැබිණි. ගුණේ අයියගේ බජව් දාන කාමරයෙන් ආරම්භ වූ ඒ ගීත රසය පදික වේදිකාවේ මිනිසුන්ගේ ජීවිත ගැනද අගේ ඇති කතා කීවේය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහාල් නෙල්සන් සොඳුරු විප්ලවයක් කළ කදිම බයිලා රජෙකි. මොන දේ වුවද නිහාල් නෙල්සන්ට ලැබුණු සැලකිලි හොඳටම මදිය. ඔහු කන්කෙඳිරි නොගා පාඩුවේ හිටියට ඔහු වෙනුවෙන් ඔයිට වඩා යමක් ඉටුවන්නට තිබිණි. දැන් නම් ඉතින් ‘සොරි නිහාල්’වත් කියන්න බැරි විදියට ප්‍රමාදය.

නුවන්ගේ අවසන් ගමනට සුබ ගමන් කියන්නට ගිය නිහාල් නෙල්සන්, ඔහුට ඒ ගමන පසුදා යන්න වේ යැයි කවදාවත් නොසිතන්නට ඇත.

‘මොකක්ද මේ වුණේ නිහාල්…?’ කියා අසන්නටවත් අද බැරි නිසා,
‘සුබ ගමන් නිහාල්…’ කියා අපි ඔහුට ප්‍රාර්ථනා කරන්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුපිරි වාහනයක් යට කරගෙන ගිය ත්‍රීරෝද රියැදුරාගේ දුක්ඛිත කතාව…

Next Post

ගෝඨා යවපු ජිනීවා නිත්‍ය නියෝජිත චන්ද්‍රප්‍රේමට ගෙදර එන්න වෙයි! තනතුරට කාන්තාවක් පත්කරයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.