පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇතැයි ද,ඒ දෙගොල්ල දැන් දෙකක් නෙමේ එකක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසිනි.
සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඇතුළු ප්‍රදේශවාසීන් අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
දැන් පොහොට්ටුවට තියෙන්නෙත්, එක්සත් ජාතික පක්ෂයට තියෙන්නෙත් ජාමේ බේරගන්න ගේමක් බව පැවසූ විපක්ෂ නායකතුමා ජාමේ බේරගන්න දෙගොල්ල එකට එකතු වෙන්න හදන බවත් කීය.
වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි බව කී විපක්ෂ නායකතුමා, ඒ ආකාරයෙන්ම මැතිවරණ වලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි යැයිද පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල් දාන්න ආණ්ඩුව දන්න කියන හැම කුමන්ත්‍රණයක් ම කරන බව කී විපක්ෂ නායකතුමා , කිසිම හේතුවක් නැති උනොත් කාලගුණයේ ප්‍රශ්නයක් හරි කියා මැතිවරණය කල් දමනු ඇතැයි ද පැවැසීය.
ඩුප්ලිකේට් සංධාන වලට එකතුවෙලා රටම LOST කරනවා වෙනුවට ඔරිජිනල් කණ්ඩායම එක්ක එකතුවෙලා ශ්‍රීලංකාව 1st කරමු යැයි ආරාධනා කරන බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.




















