ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගී වීම සදහා මෙසේ සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපතිවරයා එහි සියලුම වියදම් සිය පෞද්ගලික මුදලින් වැය කිරීමට තීරණය කර ඇත.
මීට පෙර ජනාධිපතිවරුන් පමණක් නොව මැති ඇමැතිවරුන් පවා මෙසේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදෙස්ගත වූ අතර ඒ සෑම අවස්ථාවකදීම රජයේ මුදලින් එම ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
එසේ තිබියදී ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදල් වැය කොට මෙසේ ප්‍රතිකාර ගැනීමට විදේශගත වීම විශේෂ සිදුවීමකි.










