බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී පසුගිය 15 වැනිදා සොයාගෙන රෝහල් ගතකර සිටියදී ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් යනු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු හා පසුව ක්‍රිකට් පරිපාලකයකු වූ චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත්‍රයෙකි.
ඝාතනයට ලක්වන විට 51 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ 7 මල්පාරේ පදිංචිව සිටියේය.
නීති උපාධිධාරියෙකු වන හෙතෙම බ්‍රිතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු විය.
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකුද වන ඔහු, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ සහ ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරයද දැරීය.
දිනේෂ් ෂාෆ්ටර්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ සොයුරු ප්‍රකාශ් ෂාෆ්ටර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තම පවුලේ සිටි විශිෂ්ටම මිනිසා නික්ම ගිය බවය.
තිදරු පියකු සහ ගෞරවනීය ව්‍යාපාරකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා කොළඳඹ මල් පාරේ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.










