• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරා දැමුණු දිනේෂ් ෂාෆ්ටර් හම්බවෙන්න ගිය BT කව්ද? 15 දෙනකුගෙන් ප්‍රශ්න කරයි!

December 17, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මරා දැමුණු දිනේෂ් ෂාෆ්ටර් හම්බවෙන්න ගිය BT කව්ද? 15 දෙනකුගෙන් ප්‍රශ්න කරයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය රැහැනකින් ගෙල සිරකිරීම නිසා සිදුවී ඇති බව ඊයේ (16) සවස පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිගමනය කර තිබේ.

මිනීමැරුමට අදාළ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.

ඒ අතර මෙම අවස්ථාවේ සහායට පැමිණි බොරැල්ල කනත්තේ සේවය කරන පුද්ගලයා ඇතුළු කිහිප දෙනෙකුගේ ප්‍රකාශ ද අන්තර්ගතය.

මම ඔතන ඉඳලා ආවා. එද්දි වාහනයක් නවත්තලා තිබුණා. එයාගේ යාළුවෙක් ද කොහෙද එක්කෙනෙක් කෑ ගහද්දි මම ගිහින් දොර ඇරියා. බලද්දි එයාගේ ඇඟේ වයර් එකක් දාලා තිබ්බේ. දකින කොට සිහිය නෑ. ඔළුව පහත් කරගෙන හිටියේ. අත්දෙක ටේප් එකක් දාලා තිබුණා. එහා පැත්තේ සීට් එකට දාලා එයාව එක්කන් ගියා. කතා කළේ නෑ. වතුරත් දුන්නා අපි. පොඩ්ඩක් ළා හුස්ම තිබුණා වගේ. යද්දි ඔළුව පහත් කරගෙන හිටියේ… සිද්ධිය සම්බන්ධව කනත්තේ සේවකයෙක් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4ක් යොදවා අඛණ්ඩ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

දැනට කරගෙන යන විමර්ශන අනුව හෙළි වී ඇති තොරතුරු මෙසේය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වන 51 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් පෙරේදා (15) දහවල් 2.05ට පමණ කොළඹ 07 මල් පාරේ සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ තමන් සමග කළ ගනුදෙණුවක දී රුපියල් කෝටි 143ක් වංචාකළ බව කියන BT නැමැති ව්‍යාපාරිකයෙක් හමුවීමට බව ඔහු කළමනාකාරීත්වය දරන සමාගමක විධායක නිලධාරියෙකුට දන්වාය.

ඒ අනුව විධායක නිලධාරියා ෂාෆ්ටර්ට පවසා ඇත්තේ සර් මට සර්ගේ Live Location එවන්න යනුවෙනි.

කෙසේ වෙතත් BT නමින් හඳුන්වන ව්‍යාපාරිකයා හමුවීමට යායුතු බවට එදින පෙරවරුවේ ෂාෆ්ටර් පවසා තිබුණ ද පස්වරුවේදි නිවසින් පිටව ගියේ BT නමැති ව්‍යාපාරිකයා හමුවීමටම ද යන්න පිළිබඳ නිෂ්චිත තොරතුරක් අනාවරණ වී නොතිබිණි.

දිනේෂ් ෂාෆ්ටර් දහවල් 2.05ට පමණ නිවසින් පිටත්ව ගිය බව බිරිඳ අදාළ විධායක නිලධාරියාට දැනුම් දී තිබුණි.

දහවල් 2.48 ට දිනේෂ් ෂාෆ්ටර් බිරිඳට හා විධායක නිලධාරියාට ඔහු සිටින ස්ථානය සඳහන් වන Live Location හුවමාරු කර තිබේ. ඒ අවස්ථාවේ දී ඔහු බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බව තහවුරු වී ඇත.

විමර්ශන අංශ පවසන පරිදි ඊට විනාඩි දෙක තුනකට පසු අදාළ සංඥා බිඳ වැටි තිබේ.

මේ තොරතුරු මත උපන් සැකයෙන්වි මේ තොරතුරු මත උපන් සැකයෙන් විධායක නිලධාරියා වහාම බොරැල්ල සුසාන භූමිය අසලින් ඇති කිතුල්වත්ත පාර ඔස්සේ රාජගිරිය දෙසට පයින් ගමන් කරමින් සිටියදී දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය බොරැල්ල සුසාන භූමිය තුළ නවතා ඇති ආකාරය දැක තිබේ.

ෂාෆ්ටර් මහතා වාහනයේ රියදුරු අසුනේ සිටින අයුරුත්, රථයේ දොර ඇරදමා ඇති අයුරුත් රථය අසලට ගමන් කරමින් සිටි ඔහු දැක ඇත.

වඩාත් සමීප වනවිට ෂාෆ්ටර්ගේ දෙඅත් ප්ලාස්ටික් වයරයකින් බැඳ, ගෙල වයරයකින් සිරකර ගැටගසා පපු ප්‍රදේශයද සිරවන ආකාරයෙන් ගැටගසා ඇති අයුරු ද පෙනී තිබේ.

ඒ අවස්ථාවේ දී දිනේෂ් ෂාෆ්ටර් සිහිසුන් තත්ත්වයේ පසු වී ඇත. විධායක නිලධාරියා හැකි ඉක්මනින් ෂාෆ්ටර්ගේ දෙඅත් හා ගෙල සිරකර තිබූ වයර් ගලවා ඔහුගේ මුහුණට වතුර ඉසිද්දී ඔහුට කැස්සක් ඇති වී තිබේ.

අදාළ නිලධාරියා කෑගසා සහය ඉල්න්නේ ඉන් අනතුරුවය. එම අවස්ථාවේදී සුසාන භූමියේ වළවල් කපමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගේ සහාය ඇතිව වාහනයේ අනෙක් පස අසුනේ හිඳවා වහාම ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබේ. ඒ වනවිට වෙලාව පස්වරු 3.08 පමණ වී ඇත.

පස්වරු 3.15 ට පමණ ජාතික රෝහල වෙත ගෙනැවිත් ඇති ෂාෆ්ටර් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා ඇතුළත් කර ප්‍රතිකාර ආරම්භ කර තිබිණි. එතැනින් දැඩි සත්කාර ඒකකයට මාරුකළ දිනේෂ් ෂාෆ්ටර් 15 රාත්‍රියේදීම මරණයට පත්විය.

lankasara

SendShareShare
Previous Post

මොරටුව බැස්සා! කුලියාපිටිය බැස්සා! නුගේගොඩ මිනිස්සුත් ආණ්ඩුවට එරෙහිව මහ රෑ පාරට බසී! (VIDEO)

Next Post

පෙරටුගාමී පක්ෂය පළමු වරට පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙන්න තීරණය කරයි! තරුණ කණ්ඩායමක් ලෑස්තියි! EXCLUSIVE

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.