තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය මැයි නම වන දා ගෝඨා ගෝ ගම අරගල භූමියට කළ පහර දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
කෙසේවෙතත් ඊයේ සහ පෙරේදා දින නාමල් රාජපක්ෂ සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුන්ට විදෙස්ගත වීම සදහා අධිකරණය අවසර ලබා දුන්නේය.










