සිගරැට් බදු ඉහළ නංවා ගැනීම වළක්වා ගැනීම සදහා පහුගිය කාල සීමාවේදී කිසිවකුටත් සිතා ගැනීමට නොහැකි ආකාරයේ අතිවිශාල මුදලක් විවිධ ආණ්ඩුවල තෝරාගත් ඉහළ තනතුරු දැරූ දේශපාලඥයන් සහ නිලධාරීන් අතරේ බෙදා හැර ඇති බවට චෝදනා රැසක් මේ වනවිට ඉදිරිපත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
පසුගිය මැතිවරණවලදී හෙළිකොප්ටර්වලින් පවා පැමිණ මෙම පිරිස් මෙකී දේශපාලඥයන්ට සහ නිලධාරීන්ට මුදල් ලබා දී ඇති බව එම චෝදනාවලින් පැවසේ.
එමෙන්ම ලංකාවේ මෑතකාලීනව සිදුවූ දේශපාලන පිපිරීම් විශලා ප්‍රමාණයකටම මෙම සිගරැට් බදු සම්බන්ධ ප්රශ්නය සහ එම නීතිරීති සම්බන්ධ ප්රශ්නය මුල්වී තිබූ බවට වූ තොරතුරුද මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
මේ මුදල් ගනුදෙනු කළ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබද අපට තොරතුරු වාර්තා වී ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් සාක්ෂි සහිතවම අප වෙත ලැබීමටද නියමිතය.
එම තොරතුරු ලද වහාම ඒ සියලු දෙනා පිළිබදව රටට අනාවරණය කිරීමටද අප සූදානම්ය.
පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ නිසි අයුරින් සිගරැට් බදු නොපැනවීම හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වන බවත්, ඇතැම් ප්‍රබලයන් මෙම සමාගම්වල සාක්කුවල සිටින බවත්ය.
එමෙන්ම නිසි අයුරින් බදු නොපැනවීම හේතුවෙන් 2000 වසරේ සිට රුපියල් බිලියන 880ක මුදලක් රටට අහිමි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද පසුගිය දිනෙක සදහන් කොට තිබිණ.
මීට අමතරව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම බදු මුදල් නිසි අයුරින් අයකර ගත්තේ නම් මොරගහකන්ද ජලාශය සහ අධිවේගී මාර්ග ණය නොගෙන අවසන් කළ හැකිව තිබූ බවකි.
සබැදි පුවත්…










