පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීම හරහා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසිවක් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන විමතිය පළ කොට ඇති බව වාර්තා වේ.
එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ එම නිහඩභාවයෙන් මැතිවරණය කල් දමා ගැනීමට ජවිපෙටද වුවමනාවක් ඇති බව ගම්‍ය වන බවකි.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහඉහළින් කතා කරන පක්ෂයක් මෙසේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමට කටයුතු කරද්දී නිහඩව සිටීම පුදුමසහගත බවද එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.










