ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අරාබි – අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව අද (10) සමත් වුණා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයේ දී පෘතුගාලය ගෝල 1 – 0ක් ලෙස පරාජය කර තරගය ජයගැනීමට මොරොක්කෝව සමත් වීමෙන්.
මොරොක්කෝව විසින් පෘතුගාලය පරාජය තරගයේ පළමු අර්ධයේ දී යූසෙෆ් එන් – නෙසිරි (Youssef En-Nesyri) තම හිසෙන් පන්දුව දලට එල්ල කිරීමෙන්. ඒ එකම එක ගෝලය මොරොක්කෝව පාපන්දු ඉතිහාසයට එක්කළා. නෙසිරි තවමත් වයස අවුරුදු 25ක ක්‍රීඩකයෙක්
මීට පෙර 1990 දී කැමරූන්, 2002 දී සෙනගල් සහ 2010 දී ඝානාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබුණා.










